01

E   |     |  

 දිනය: 2013-11-26   පිළිතුර ලබා දී ඇත 

2451/2013: නිල්වලා ගඟ යෝජනා ක්‍රමය : තුන්වැනි අදියර

2451/’12

 

ගරු බුද්ධික පතිරණ මහතා,— වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)       නිල්වලා ගඟ යෝජනා ක්‍රමයේ තුන්වැනි අදියර ක්‍රියාත්මක කිරීම මගින් දැනට අනාරක්ෂිත ප්‍රදේශයේ ඇති විශාල බිම් ප්‍රමාණයක් සංවර්ධනය කළ හැකි බව පිළිගන්නේද;

(ii) එම අදියර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර තිබේද;

(iii) ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මේ වන විට වෙන්කර තිබේද;

(iv) එලෙස වෙන් කරන ලද මුදල කොපමණද;

(v) ඒ සඳහා ප්‍රතිපාදන සපයන රට හෝ ආයතනය කවරේද;

(vi) එසේ නම්, එම ව්‍යාපෘතිය ආරම්භ කරන දිනය කවදාද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-11-26

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු ඩබ්ලිව්.බී. ඒකනායක මහතා (වාරිමාර්ග හා ජලසම්පත්  කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍යතුමා)

(மாண்புமிகு டபிள்யு.பி. ஏக்கநாயக்க - நீர்ப்பாசன, நீர்வள முகாமைத்துவ பிரதி அமைச்சர்)

(The Hon. W.B. Ekanayake - Deputy Minister of Irrigation and Water Resources Management)

ගරු කථානායකතුමනි, වාරිමාර්ග හා ජලසම්පත්  කළමනාකරණ  අමාත්‍යතුමා වෙනුවෙන් මම එම ප්‍රශ්නයට පිළිතුර  දෙනවා.

(අ)           (i)      ඔව්.

              (ii)      නිල්වලා ගඟ යෝජනා ක්‍රමයේ තුන්වන අදියර වශයෙන්  ඉහළ  ගංගාධාරයේ ජලාශ පද්ධතියක් ඉදි කිරීම අතුරු ඇළක් මගින් ජලය  මුහුදට  බැස්සවීම හා මෝය ආසන්න කො‍ටසේ  ගංගා පතුල පහත් කිරීම යන යෝජනා වැඩිදුර අධ්‍යයනය කර ක්‍රියාත්මක කිරීම මගින් අනාරක්ෂිත ප්‍රදේශවල ගංවතුර පාලනය කිරීමට යෝජනා  කර තිබුණි.  එසේ  වෙතත් වර්තමාන  තත්ත්වය යටතේ ඉහළ ධාරා ප්‍රදේශවල ජලාශ ඉදි කිරීම් මඟින් ජනාවාස හෝ දැඩි රක්ෂිත වන ප්‍රදේශ යට යන නිසා සහ අනෙකුත් පාරිසරික ගැටලු  නිසා  එසේ ජලාශ ඉදි කිරීම පිළිබඳ තදබල විරෝධතා මතු වී ඇත. කෙසේ වෙතත් යෝජිත ජලාශ අතුරින්  දිගිලි  ඔය  ජලාශය ඉදි  කිරීම සඳහා  ශක්‍යතා අධ්‍යයනයක් කිරීමට  කොරියානු  අන්තර්ජාතික  සහයෝගිතාවය පිළිබඳ ආයතනය (KOICA) සමග අවබෝධතා ගිවිසුමකට එළඹ පැවතිය ද ප්‍රදේශවාසීන්ගේ හා වනජීවි දෙපාර්තමේන්තුවේ විරෝධතාවන් හේතුවෙන් දිගිලි ඔය ජලාශ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක නොකිරීමට දැනට තීරණය කර ඇත.  ‍එහෙයින් ඒ සම්බන්ධයෙන්  ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව  දැනට අධ්‍යයනය කරමින් පවතී.

(iii) අදාළ නොවේ.

(iv) අදාළ නොවේ.

(v) අදාළ නොවේ.

(vi) ඉහත කී පරිදි ශක්‍යතා අධ්‍යයනයෙන් පසු පාරිසරික අනුමැතිය  ලැබෙන්නේ නම් පමණක් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත්  එම අවස්ථාවේදී ඒ සඳහා ප්‍රතිපාදන රජයේ අරමුදලින් හෝ විදේශ සම්පත් දායකයන්ගෙන්  ලබා ගැනීමට කටයුතු ‍ කෙරෙනු ඇත.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2014-02-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු ඩබ්ලිව්. බී. ඒකනායක මහතා, පා.ම., මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks