බලන්න

04

E   |     |  

 දිනය: 2013-08-06   පිළිතුර ලබා දී ඇත 

2448/2013: මාතර නිල්වලා යෝජනා ක්‍රමය: පොම්පාගාර

2448/’12

ගරු බුද්ධික පතිරණ මහතා,— වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      මාතර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන නිල්වලා යෝජනා ක්‍රමය යටතේ ගංවතුර පාලනය කිරීම සඳහා පිහිටුවා ඇති පොම්පාගාර සංඛ්‍යාව කොපමණද;

(ii) එම එක් එක් පොම්පාගාරය පිහිටා ඇති ස්ථානය කවරේද;

(iii) එම පොම්පාරගාරවලින්  දැනට අක්‍රීයව පවතින සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ගංවතුර පාලනය කිරීම සඳහා පිහිටුවා ඇති පොම්පාගාර අක්‍රීයව පැවතීම නිසා  නිල්වලා යෝජනා ක්‍රමය තුළින් අපේක්ෂිත අරමුණු ඉටු නොවන බව පිළිගන්නේද;

(ii) එසේ නම්, එම පොම්පාගාර කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරන්නේද;

(iii) ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කර තිබේද;

(iv) එසේ නම්, වෙන්කර ඇති මුළු මුදල කොපමණද;

යන්නත් එතුමා  මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-08-06

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු එස්.එම්. චන්ද්‍රසේන මහතා

(மாண்புமிகு எஸ்.எம். சந்திரசேன)

(The Hon. S.M. Chandrasena)

ගරු කථානායකතුමනි, වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර

සභාගත* කරනවා.

 

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

(අ)            (i)      පොම්පාගාර 03කි.

               (ii)      තුඩාව, මාගල්ලාගොඩ හා තල්ගහගොඩ.

              (iii)      දැනට පොම්පාගාර කිසිවක් අක්‍රියව නොමැත.

(ආ)           (i)      අදාළ නොවේ.

               (ii)      ප්‍රතිසංස්කරණ කටයුතු කිරීමේ අවශ්‍යතාවක් දැනට ‍නොමැත.

              (iii)      අදාළ නොවේ.

              (iv)      අදාළ නොවේ.

(ඇ)      අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2013-12-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු එස්. එම්. චන්ද්‍රසේන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks