01

E   |     |  

 දිනය: 2013-03-22   පිළිතුර ලබා දී ඇත 

2439/2013: කිරල කැලේ පුරන් කුඹුරු අස්වැද්දීම: වෙන් කළ මුදල

2439/’12

 

ගරු බුද්ධික පතිරණ මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)       මාතර දිස්ත්‍රික්කයේ, නිල්වලා නිම්නය දෙපස පිහිටා ඇති කිරල කැලේ ප්‍රදේශයේ කුඹුරු විශාල ප්‍රමාණයක් පුරන් වී ඇති බව එතුමා දන්නෙහිද?

(ආ)        (i)       ඉහත ඉඩම් වී වගා කිරීමට හෝ වෙනත් භෝග වර්ගයන් වගා කිරීම සදහා සුදුසු පරිදි සකස් කිරීමට සැලසුම් කර තිබේද;

  (ii)  එසේ නම්, එම සැලසුම කවරේද;

  (iii)  මේ වන විට එම බිම් අස්වැද්දීමට අදාළ කටයුතු සදහා ප්‍රතිපාදන වෙන්කර තිබේද;

  (iv)  එසේ නම්, වෙන්කර ඇති මුළු මුදල කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-03-22

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

(ආ)         (i)      ඔව්.

(ii)       —        කිරල කැලේ ප්‍රදේශයේ පුරන්ව තිබූ කුඹුරුවලින් 2012 වර්ෂයේදී හෙක්ටයාර් 185ක්ද, 2013 වසරේ හෙක්ටයාර් 100ක්ද අස්වද්දා ඇති අතර, මෙම වසරේදී හෙක්ටයාර් 105ක් අස්වැද්දීමට සැලසුම් කර ඇත. එසේම, පුරන් වී ඇති කුඹුරු ප්‍රමාණයෙන් ඉතිරි හෙක්ටෙයාර 90න් කොටසක් අතිරේක බෝග, මිරිදිය මත්ස්‍ය වගාව සහ පලා වගාව සඳහා යොදා ගැනීමට කටයුතු කරමින් පවතී.

පසෙහි ආම්ලිකතාව හේතුවෙන් කුමන අයුරකින් හෝ වී වගා කළ නොහැකි ප්‍රදේශවල සෝජාන් ක්‍රමය යටතේ ආදර්ශන කිහිපයක් පවත්වා ගොවි ජනතාව ඒ සඳහා පෙළඹවීමටත්, එසේ වී වගාව කළ නොහැකි ප්‍රදේශවල කෘෂි පාරිසරික සංචාර සඳහා සැලසුමක් නිර්දේශ කිරීමටත් යෝජිතය.

2014 ගොවි සතිය හා දැයට කිරුළ සංවර්ධන වැඩ සටහනට සමගාමීව විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.

පුරන් කුඹුරු සඳහා වඩාත් සුදුසු වී වර්ග, දේශීය වී වර්ග සහ නව වගා තාක්ෂණ ක්‍රම හා පාරම්පරික වගා තාක්ෂණය වැඩි දුරටත් අත්හදා බැලීම් සහ පර්යේෂණ ගොවිජන සේවා, කෘෂිකර්ම, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, රුහුණ විශ්වවිද්‍යාලය හා ගොවි සංවිධාන එකතුව සිදු කරමින් පවතී.

වැඩිදියුණු කළ මා වී වර්ග (BG 38) වගා කළ හැකි ප්‍රදේශ තෝරාගෙන වගා කිරීම ආරම්භ කිරීම සහ වී වගාවට අමතරව දැනටමත් ගොවීන් සුළු වශයෙන් වගා කරන භෝග වර්ග  (කොළ එළවලු, අතිරේක භෝග) තෝරාගෙන එම භෝග  වගා කිරීමට යෝජිතය.

(iii) ඔව්.

(iv) 2012 වර්ෂයේ රුපියල් 1,000,000ක් (මිලියනයක්) වෙන් කරන ලදී.

2013 වර්ෂයේ රුපියල් මිලියන 1.76ක් වෙන් කර ඇත.

2014 වර්ෂයට රුපියල් මිලියන 2ක් වෙන් කර ඇත.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2014-06-03

විසින් පිළිතුරු දෙන ලදී

ගරු වයි.ජී. පද්මසිරි මහතා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks