පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2024-05-14
අසන ලද්දේ
ගරු නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන හා මහාමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
(අ) (i) අපි ඉතා බරපතළ ලෙස පිළිගන්නවා, ත්‍රිරෝද රථ විශාල ලෙස මහජන සේවාවක් කරන අතර, එය අවශ්‍යයෙන්ම නියාමනය කළ යුතු බව. නමුත් ඒ සඳහා අවශ්‍ය බලතල නැති නිසා මම දැනට තිබෙන තත්ත්වය වෙනස් කරන්න ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත සම්පූර්ණයෙන් සංශෝධනය කරලා, නීතිපති දෙපාර්තමේන්තුවට යවලා, නීතිපති නිශ්කාශනය ලැබී තිබෙනවා. ඒ කියන්නේ දැනට ජාතික ගමනාගමන කොමිසමට බස් ගාස්තු සම්බන්ධයෙන් පමණයි මැදිහත් වෙන්න පුළුවන්කම තිබෙන්නේ. පාසල් වෑන් රථ, ත්‍රිරෝද රථ හා අනෙකුත් ඒවා සඳහාත් ජාතික ගමනාගමන කොමිසමට නියාමනයක් කරන්න අවසරය ලැබෙන පරිදි පනත සංශෝධනය කර කෙටුම්පත් කරලා නීතිපති දෙපාර්තමේන්තුවට යවලා, නිශ්කාශන ලබාගෙන තිබෙනවා. ඉතා නුදුරේදී එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා ගැසට් කරලා, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. එවිට ඔබතුමා අසා තිබෙන සියලු ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙනවා. ඔබතුමා දක්වා තිබෙන අදහස් පිළිගන්නවා.
(ii) මගීන් අපහසුතාවට පත්වීම වැළැක්වීම සඳහා මෝටර් වාහන පනත යටතේ 2035/51 හා 2017.09.08 දිනැති මෝටර් වාහන (මෝටර් ට්‍රයිසිකල්) නියෝග මඟින් ත්‍රිරෝද රථ නියාමනයට අදාළ රෙගුලාසි මාලාවක් හඳුන්වා දී ඇත.
ඒ අනුව කුලී මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රිරෝද රථ සඳහා සියලු අවස්ථාවල ක්‍රියාත්මකව පවතින ටැක්සි මීටරයක් තිබිය යුතු වන අතර, ගාස්තු ගෙවීමෙන් පසු මගියාගේ ඉල්ලීම මත රිසිට්පතක් නිකුත් කළ යුතු ය. එම රිසිට් පතෙහි, ගමන් කළ දුර, වාහන ලියාපදිංචි අංකය, අය කළ ගාස්තුව හා දිනය ඇතුළත් විය යුතු ය.
(ආ) (i) 91,615යි.
මා මුලින් සඳහන් කළ ආකාරයට අදාළ පනත යටතේ වන නියෝග මඟින් නියම කර තිබෙන ආකාරයට ත්‍රිරෝද රථවල මීටරයක් සවි කළ යුතුයි. ඒ වාගේම අය කරන ගාස්තුවට අදාළව මගියා විසින් රිසිට් පතක් ඉල්ලා සිටියහොත් එය නිකුත් කිරීම ද කළ යුතුයි. ඒ බව සඳහන් නියෝග 2017 ඉඳලා බලාත්මකව තිබුණා. නමුත්, එම නියෝග ප්‍රායෝගිකව යථාර්ථයක් විධියට මහ පොළොවේ ක්‍රියාත්මක වන්නේ නැහැ. ඒ සියල්ල ක්‍රියාත්මක කිරීම නිසි ලෙස කරන්න පුළුවන්කම ලැබෙනවා, ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත සංශෝධනය කළාම.
(ii) ත්‍රිරෝද රථ නියාමනය කිරීම සඳහා මේ වන විට 1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත සංශෝධනය කොට, එම කොමිෂන් සභාවට එකී නියාමන බලතල ඇතුළත් කර ඇති අතර, එම පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමට හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී.
(iii) මෝටර් වාහන පනත යටතේ 2035/51 හා 2017.09.08 දිනැති මෝටර් වාහන (මෝටර් ට්‍රයිසිකල්) නියෝග අනුව, මගීන්ට පැහැදිලිව පෙනෙන පරිදි රියැදුරු අසුන පිටුපස ලියාපදිංචි අංකය, රියැදුරුගේ නම හා රියැදුරු බලපත්‍ර අංකය, මිලිමීටර 65x50 ප්‍රමාණයේ රියැදුරුගේ ඡායාරූපයක් ප්‍රදර්ශනය කළ යුතු අතර, සියලු අවස්ථාවල ක්‍රියාත්මකව පවතින ටැක්සි මීටරයක් සවි කර තිබිය යුතු ය.
ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමා ප්‍රශ්නයේ සඳහන් කර ඇති ආකාරයට මම පිළිගන්නවා, ත්‍රිරෝද රථයක ගමන් කරන ඕනෑම කෙනෙකුට එහි රියැදුරු කවුද යනාදි තොරතුරු දැන ගන්න හැකි විය යුතු බව. ඒ වාගේම, රියැදුරුගේ ඡායාරූපය ද ප්‍රදර්ශනය කළ යුතුයි. සිංගප්පූරුව වාගේ දියුණු රටවල ඕනෑම කෙනෙකුට තමන් ගමන් කරන ත්‍රිරෝද රථයේ ලියාපදිංචි අංකය, එහි රියැදුරුගේ නම යනාදිය පිළිබඳව සටහන් කර ගන්න පුළුවන්. ඒ නිසා මගීන්ට ආරක්ෂාව සැලසෙනවා.
(iv) මෝටර් වාහන පනත යටතේ පළ කරන ලද රෙගුලාසි ක්‍රියාත්මක වන්නේද යන්න මහාමාර්ගයේ පරීක්ෂා කිරීම හා නීතිමය පියවර ගැනීම ශ්‍රී ලංකා පොලීසිය මඟින් සිදු කළ යුතු අතර, ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා දැනුවත් කර ඇත.
තවද, ත්‍රිරෝද රථ නියාමනයට අදාළ විධිවිධාන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනතට ගෙන ඒමට නියමිත සංශෝධන පනත් කෙටුම්පතට ඇතුළත්ව ඇති අතර, එය සම්මත වූ පසුව එම විධිවිධාන අනුව කටයුතු කිරීමට අපේක්ෂිත ය.
ඒ සියලු විධිවිධාන ඇතුළත් කරනවා, නියාමන බලය ජාතික ගමනාගමන කොමිසමට ලැබුණාට පසුව. තවත් මාසයක් දෙකක් ඇතුළත එම කටයුතු අවසන් කරන්න අපට පුළුවන් වෙයි.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2024-07-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks