01

E   |     |  

 දිනය: 2023-11-18   පිළිතුර ලබා දී ඇත 

3730/2023: ඩෙංගු පාලනය කිරීමට BTI බැක්ටීරියාව භාවිත කිරීමේ හැකියාව: පර්යේෂණ

3730/2023

ගරු අකිල එල්ලාවල මහතා,—  සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      ඩෙංගු මදුරු ගහනය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ජෛව පාලන ක්‍රමයක් ලෙස බී.ටී.අයි. (B.T.I) බැක්ටීරියාව යොදා ගැනීමේ ශක්‍යතාවය අධ්‍යයනය කිරීම සඳහා විදේශ රටවල් සමඟ සම්බන්ධ වී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පර්යේෂණ සිදු කරන ලද බව එතුමා දන්නෙහිද?

(ආ) (i) එම පර්යේෂණ මේ වනවිට නවතා තිබේද;

(ii) එසේ නම්, ඊට හේතු කවරේද;

(iii) ඉහත පර්යේෂණ නවතා දැමීම සඳහා කිසියම් පාර්ශ්වයක් විසින් බලපෑම් සිදු කර තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-11-18

අසන ලද්දේ

ගරු අකිල එල්ලාවල මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       නැත.

           ශ්‍රී ලංකාවේ ඩෙංගු මදුරුවන් මර්දනය කිරීම සඳහා බී.ටී.අයි. බැක්ටීරියාව භාවිත කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් පමණක් පර්යේෂණ දෙකක් සිදු කර ඇත.

                 I      ඩෙංගු මර්දනය සඳහා Bti (Bacillus Thuringiensis Israelensis) ස්පටික (mosquito dunk) යොදා ගැනීමේ ඵලදායීතාව පරික්ෂා කිරීම. (2013 වර්ෂය)

‍                II      ඩෙංගු මදුරුවන් පාලනය සඳහා ඒකාබද්ධ වාහක පාලන ක්‍රමයක් ලෙස දියර Bti යොදා ගැනීම. (2016 වර්ෂය)

(ආ) (i) පැන නොනඟී.

(ii) පැන නොනඟී.

(iii) පැන නොනඟී.

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2023-11-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks