01

E   |     |  

 දිනය: 2023-10-06   පිළිතුර ලබා දී ඇත 

3678/2023: Retirement of officers of Principals, Teacher Instructors and Teachers

3678/2023

ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය මහත්මිය,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)        (i)     1997.01.01 දින සිට 2019.12.31 දින දක්වා විශ්‍රාම ගන්වන ලද;

             (ii)      2020.01.01 දින සිට 2020.12.31 දින දක්වා විශ්‍රාම ගන්වන ලද;

           (iii)      2021.01.01 දින සිට 2021.12.31 දින දක්වා විශ්‍රාම ගන්වන ලද;

(iv) 1997.01.01 දින සිට 2021.12.31 දින දක්වා විශ්‍රාම ගන්වන ලදුව 2021.12.31 දින වනවිට මරණයට පත් වී ඇති;

  ශ්‍රී ලංකා විදුහල්පති සේවය, ශ්‍රී ලංකා ගුරු උපදේශක සේවය සහ ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරින් සංඛ්‍යාව එක් එක් සේවය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) 1997.01.01 දින සිට 2021.12.31 දින දක්වා කාලය තුළ වැන්දඹු අනත්දරු/වැන්දඹු පුරුෂ අනත්දරු විශ්‍රාම වැටුප ලබා ගන්නා ලද පුද්ගලයන් සංඛ්‍යාව ඉහත සඳහන් එක් එක් සේවය සහ එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේනම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-10-06

අසන ලද්දේ

ගරු ආචාර්ය හරිනි අමරසූරිය, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks