පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3667/2023
ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා,— වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට ,—
(අ) (i) 2004.12.27 වන දින ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් වික්ටෝරියා නේවාසික කළමනාකරණ කාර්යාලයේදී පවත්වන ලද ඉඩම් කච්චේරිය මඟින් ඉඩම්ලාභීන් ලෙස තෝරා පත් කරනු ලැබූ පුද්ගලයන් 44 දෙනෙකු සඳහා රජවැල්ල සහ රජවැල්ල-උතුර යන ජනාවාසවලින් පර්චස් 10 සහ පර්චස් 15 ප්‍රමාණයේ ඉඩම් කැබලි ලබා දුන් බවත්;
(ii) පර්චස් 10 සහ පර්චස් 15 ප්‍රමාණයේ ඉඩම් කැබලි සඳහා පිළිවෙළින් රුපියල් ලක්ෂ තුන සහ ලක්ෂ හතර බැගින් තක්සේරු වටිනාකමක් ගෙවීමට නියම කරන ලද බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) අදාළ ඉඩම්ලාභීන්ගෙන් ඉහත සඳහන් තක්සේරු වටිනාකම අයකර ගෙන එම ඉඩම් සඳහා කඩිනමින් ඔප්පු නිකුත් කිරීමට පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-10-17
අසන ලද්දේ
ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, පා.ම.
අමාත්‍යාංශය
වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් වික්ටෝරියා නේවාසික කළමනාකරණ කාර්යාලයේ දී ඉඩම් බැහැර කිරීම සඳහා 2004.12.27 දින ඉඩම් කච්චේරියක් පවත්වා පුද්ගලයන් තෝරා ගෙන ඉඩම් කැබැලි ලබා දී නොමැත.
(ii) ඉහත පිළිතුර අනුව ඉඩම් කච්චේරියක් පවත්වා නොමැති බැවින් පර්චස් 10,15 කැබලි සඳහා තක්සේරු වටිනාකම අය කර නොමැත. එබැවින් තක්සේරු වටිනාකම ගෙවීමට නියම කර නැත.
(ආ) අදාළ පුද්ගලයින් තෝරා ගෙන ඉඩම් ලබා දී නොමැති බැවින් ඔප්පු නිකුත් කිරීමේ අවශ්‍යතාවක් නොමැත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-11-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks