පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2385/’12
ගරු දයාසිරි ජයසේකර මහතා,— රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) අනුරාධපුරයේ පැවති 2012 නිදහස් දින උළෙලේ නර්තන සඳහා ඉදිරිපත් වූ ශිල්පීන් තෝරා ගනු ලැබුවේ කවර ආයතනයන්ගෙන්ද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) ඉහත සඳහන් නිදහස් උළෙලේ නර්තන සඳහා සහභාගී වූ පිරිස කොපමණද;
(ii) නිදහස් දින උත්සවය පැවති දින ඔවුන්ට නරක් වූ ආහාර පාර්සල් ලබා දී තිබේද;
(iii) එසේ නම්, එම ආහාර සැපයුම්කරු කවුරුන්ද;
(iv) එම නර්තන ශිල්පීන්ට ලබා දුන් නරක් වූ ආහාරය වෙනුවට විකල්පයක් ලබා දීම සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග කවරේද;
(v) එම සැපයුම්කරුට එකී ආහාර ඇණවුම ලබා දුන් පුද්ගලයා කවුරුන්ද;
(vi) නරක් වූ ආහාර ලබා දීම සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-12-05
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු විජය දහනායක මහතා (රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යතුමා)
(மாண்புமிகு விஜய தஹநாயக்க - பொது நிருவாக, உள்நாட்டலுவல்கள் பிரதி அமைச்சர்)
(The Hon. Wijaya Dahanayake - Deputy Minister of Public Administration and Home Affairs)
ගරු කථානායකතුමනි, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.
(අ) ඔව්.
සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය යටතේ පාලනය වන ප්‍රාදේශීය සංස්කෘතික මධ්‍යස්ථානවලින් නර්තන කණ්ඩායම් - 21
අධ්‍යාපන අමාත්‍යාංශයේ (පාසල්වලින්) නර්තන කණ්ඩායම් - 10
උතුරු මැද පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුව නර්තන කණ්ඩායම් - 01
අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ(අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලායතන) නර්තන කණ්ඩායම් - 05
වවුනියාව දිස්ත්‍රික් ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ(වවුනියාව දිස්ත්‍රික්කයේ කලායතන) නර්තන කණ්ඩායම් - 05
(ආ) (i) නර්තන කණ්ඩායම් සඳහා සහභාගි වූ ශිල්පීන් සංඛ්‍යාව - 1,940
වේශ නිරූපණ ශිල්පීන් සහ සහාය කණ්ඩායම්වල පිරිස - 915
මුළු ගණන - 2,855
(ii) ආහාර සැපයුම්කරුවන් අතරින් එක් සැපයුම්-කරුවෙකු විසින් 2012.02.02 දින සපයන ලද ආහාර පාර්සල් 500න් කොටසක දිවා ආහාර සමඟ ලබා දුන් මාළු නරක්ව තිබූ බවට පැමිණිලි ලැබී තිබේ.
(iii) රේණුකා කේටර්ස්, අංක 291/3, සුදර්ශන මාවත, මාලබේ.
(iv) ආහාර නරක් වූ බවට පැමිණිලි ලැබුණු සැපයුම්කරුගේ ආහාර පාර්සල් ඉවත් කොට ඒ වෙනුවට නැවත ආහාර පාර්සල් ලබා ගෙන නර්තන ශිල්පීන්ට ලබා දීමට කටයුතු කරන ලදී.
(v) 2012 නිදහස් සමරු උළෙලට සහභාගි වූ නර්තන ශිල්පීන්ට ආහාර සැපයීමට සැපයුම්කරුවන් තෝරා ගැනීමට ප්‍රසම්පාදන ක්‍රියා පටිපාටියට අනුකූලව මිල ගණන් කැඳවීම සිදු විය. අනතුරුව පහත නම් සඳහන් නිලධාරින්ගෙන් සැදුම්ලත් ප්‍රසම්පාදන කමිටුව විසින් සැපයුම්කරුවන් තෝරා ගන්නා ලදී.
එම කමිටුව මෙසේයි.
සභාපති - එස්.එම්. සමන් බන්දුලසේන මහතා,
ප්‍රාදේශීය ලේකම් - නැඟෙනහිර නුවරගම් පළාත
සාමාජික - රංජනී අතපත්තු මිය,
ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් - සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය
සාමාජික - එන්.එම්.එස්.ඩී.බී. කරුණාතිලක මහතා,
ගණකාධිකාරී - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, නැඟෙනහිර නුවරගම් පළාත
සාමාජික - ඩී.එම්. සරත් බුද්ධදාස මහතා,
කාර්මික නිලධාරි - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, නැඟෙනහිර නුවරගම් පළාත ලබා දීමට නියමිත වූ ආහාර පාර්සල් ප්‍රමාණය සංඛ්‍යාවෙන් වැඩි වීම නිසා අවම මිල ගණන් ඉදිරිපත් කොට තිබූ සැපයුම්කරුවන්ට තනිව
සම්පූර්ණ ආහාර අවශ්‍යතාව සපුරාලීමට නොහැකි බැවින් සියලු සැපයුම්කරුවන් හා සාකච්ඡා කොට සාධාරණ මිල එකඟතාවකට පැමිණීමෙන් අනතුරුව සැපයීමට පහසු වන පරිදි සියලු සැපයුම්කරුවන්ට ආහාර ඇණවුම් භාර දෙන ලදී. ඒ අනුව රේණුකා කේටර්ස් ආයතනයටද ආහාර සැපයීමට ඇණවුම් භාර දෙන ලදී.
(vi) 2012.02.02 දින රේණුකා කේටර්ස් ආයතනය විසින් සැපයූ ආහාර පාර්සල් පන්සියයට මුදල් ගෙවීම අත් හිටුවන ලදී.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2012-12-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගරු විජය දහනායක මහතා, පා.ම., මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks