04

E   |   සි   |  

 திகதி: 2012-12-05   பதிலளிக்கப்பட்டவைகள் 

2385/2012: 2012 சுதந்திர தின விழா : நடனக் கலைஞர்கள்

2385/ ’12

கெளரவ தயாசிறி ஜயசேகர,— பொது நிர்வாக, உள்நாட்டலுவல்கள் அமைச்சரைக் கேட்பதற்கு,—

(அ)    அநுராதபுரத்தில் நடைபெற்ற 2012 சுதந்திர தின விழாவின் போது கலந்து கொண்ட நடனக் கலைஞர்கள் எந்த நிறுவனத்திலிருந்து தெரிவு செய்யப்பட்டார்கள் என்பதை அவர் குறிப்பிடுவாரா?

(ஆ) (i) மேற்கூறப்பட்ட சுதந்திர தின விழாவில் நடனக் கலைஞர்களாக எத்தனை பேர் கலந்துகொண்டார்கள் என்பதையும்;

(ii) சுதந்திர தின விழா நடைபெற்ற தினத்தில் அவர்களுக்கு பழுதடைந்த உணவுப் பொதிகள் வழங்கப்பட்டதா என்பதையும்;

(iii) அவ்வாறெனின் அந்த உணவினை வழங்கியவர் யார் என்பதையும்;

(iv) அந்த நடனக் கலைஞர்களுக்கு வழங்கப்பட்ட பழுதடைந்த உணவுக்குப் பதிலாக மாற்று தீர்வினை வழங்குவது தொடர்பாக எடுக்கப்பட்ட நடவடிக்கை என்ன என்பதையும்

(v) அந்த வழங்குனருக்கு மேற்கூறிய உணவுக்கான அனுப்பல் கட்டளையை வழங்கியவர் யார் என்பதையும்;

(vi) பழுதடைந்த உணவினை வழங்கியமை தொடர்பாக எடுக்கப்பட்ட நடவடிக்கை என்ன என்பதையும்

அவர்  இச்சசபையில் குறிப்பிடுவாரா?

(இ) இன்றேல், ஏன்?

கேட்கப்பட்ட திகதி

2012-12-05

கேட்டவர்

கௌரவ சட்டத்தரணி தயாசிறி ஜயசேக்கர, பா.உ.

அமைச்சு

பொது நிருவாக, உள்நாட்டலுவல்கள்

சட்டவாக்கம்

இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் ஏழாவது பாராளுமன்றம்

கூட்டத்தொடர்

1 வது கூட்டத்தொடர்

கேள்வியின் வரலாறு

விடை

ගරු විජය දහනායක මහතා (රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යතුමා)

(மாண்புமிகு விஜய தஹநாயக்க - பொது நிருவாக, உள்நாட்டலுவல்கள் பிரதி அமைச்சர்)

(The Hon. Wijaya Dahanayake - Deputy Minister of Public Administration and Home Affairs)

ගරු කථානායකතුමනි, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.

(අ)     ඔව්.

                සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය යටතේ පාලනය වන ප්‍රාදේශීය සංස්කෘතික මධ්‍යස්ථානවලින් නර්තන කණ්ඩායම්     - 21

                අධ්‍යාපන අමාත්‍යාංශයේ (පාසල්වලින්) නර්තන කණ්ඩායම් - 10

                උතුරු මැද පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුව නර්තන කණ්ඩායම් - 01

                අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ(අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලායතන) නර්තන කණ්ඩායම් - 05

                වවුනියාව දිස්ත්‍රික් ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ(වවුනියාව දිස්ත්‍රික්කයේ කලායතන) නර්තන කණ්ඩායම් - 05

 

(ආ) (i) නර්තන කණ්ඩායම් සඳහා සහභාගි වූ ශිල්පීන්  සංඛ්‍යාව            - 1,940

වේශ නිරූපණ ශිල්පීන් සහ සහාය       කණ්ඩායම්වල පිරිස           -     915

මුළු ගණන                                               -  2,855

(ii) ආහාර සැපයුම්කරුවන් අතරින් එක් සැපයුම්-කරුවෙකු විසින් 2012.02.02 දින සපයන ලද ආහාර පාර්සල් 500න් කොටසක දිවා ආහාර සමඟ ලබා දුන් මාළු නරක්ව තිබූ බවට පැමිණිලි ලැබී තිබේ.

(iii) රේණුකා කේටර්ස්, අංක 291/3, සුදර්ශන මාවත, මාලබේ.

(iv) ආහාර නරක් වූ බවට පැමිණිලි ලැබුණු සැපයුම්කරුගේ ආහාර පාර්සල් ඉවත් කොට ඒ වෙනුවට නැවත ආහාර පාර්සල් ලබා ගෙන නර්තන ශිල්පීන්ට ලබා දීමට කටයුතු කරන ලදී.

(v) 2012 නිදහස් සමරු උළෙලට සහභාගි වූ නර්තන ශිල්පීන්ට ආහාර සැපයීමට සැපයුම්කරුවන් තෝරා ගැනීමට ප්‍රසම්පාදන ක්‍රියා පටිපාටියට අනුකූලව මිල ගණන් කැඳවීම සිදු විය. අනතුරුව පහත නම් සඳහන් නිලධාරින්ගෙන් සැදුම්ලත් ප්‍රසම්පාදන කමිටුව විසින් සැපයුම්කරුවන් තෝරා ගන්නා ලදී.

එම කමිටුව මෙසේයි.

සභාපති - එස්.එම්. සමන් බන්දුලසේන මහතා,

ප්‍රාදේශීය ලේකම් - නැ‍ඟෙනහිර නුවරගම් පළාත

 

සාමාජික - රංජනී අතපත්තු මිය,

ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් - සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය

 

සාමාජික - එන්.එම්.එස්.ඩී.බී. කරුණාතිලක මහතා,

ගණකාධිකාරී - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, නැ‍ඟෙනහිර නුවරගම් පළාත

 

සාමාජික - ඩී.එම්. සරත් බුද්ධදාස මහතා,

කාර්මික නිලධාරි - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, නැ‍ඟෙනහිර නුවරගම් පළාත ලබා දීමට නියමිත වූ ආහාර පාර්සල් ප්‍රමාණය සංඛ්‍යාවෙන් වැඩි වීම නිසා අවම මිල ගණන් ඉදිරිපත් කොට තිබූ සැපයුම්කරුවන්ට තනිව

සම්පූර්ණ ආහාර අවශ්‍යතාව සපුරාලීමට නොහැකි බැවින් සියලු සැපයුම්කරුවන් හා සාකච්ඡා කොට සාධාරණ මිල එකඟතාවකට පැමිණීමෙන් අනතුරුව සැපයීමට පහසු වන පරිදි සියලු සැපයුම්කරුවන්ට ආහාර ඇණවුම් භාර දෙන ලදී. ඒ අනුව රේණුකා කේටර්ස් ආයතනයටද ආහාර සැපයීමට ඇණවුම් භාර දෙන ලදී.

(vi)     2012.02.02 දින රේණුකා කේ‍ටර්ස් ආයතනය විසින් සැපයූ ආහාර පාර්සල් පන්සියයට මුදල් ගෙවීම අත් හිටුවන ලදී.

(ඇ) අදාළ නොවේ.

 

பதில் தேதி

2012-12-05

பதில் அளித்தார்

கௌரவ கெளரவ விஜய தஹநாயக்க, பா.உ.,, பா.உ.





பதிப்புரிமை © இலங்கை பாராளுமன்றம்.

முழுப்பதிப்புரிமையுடையது.

வடிவமைத்து உருவாக்கியது  TekGeeks