පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3578/2023
ගරු හෙක්ටර් අප්පුහාමි මහතා,— කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මේ වනවිට විදේශ රටවල සේවය කරනු ලබන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සංඛ්‍යාව කොපමණද;
(ii) වැඩිම ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සිටින රට සහ අඩුම ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සිටින රට අනුව එම ශ්‍රමිකයන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) එම ශ්‍රමිකයන් සේවය කරනු ලබන රටවල් අතරින් ශ්‍රී ලංකාව විසින් තානාපති සබඳතා පවත්වන සහ තානාපති සබඳතා නොපවත්වන රටවල් වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ සුභසාධනය උදෙසා ඔවුන් සේවය කරනු ලබන රටවල් සමඟ තානාපති සබඳතා පැවැත්වීම වැදගත් වන බව පිළිගන්නේද;
(v) එසේ නම්, ඒ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-10-19
අසන ලද්දේ
ගරු හෙක්ටර් අප්පුහාමි මහතා, පා.ම.
අමාත්‍යාංශය
කම්කරු හා විදේශ රැකියා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී ඇති පුද්ගලයන්ගේ දත්ත සහ ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මඟින් ලබා දෙන දත්ත ගැළපීම අනුව, 2023.10.31 දින වන විට විදේශ රටවල සේවය කරනු ලබන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සංඛ්‍යාව ආසන්න වශයෙන් 1,013,777ක් පමණ වේ.
(ii) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී ඇති පුද්ගලයන්ගේ දත්ත සහ ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මඟින් ලබාදෙන දත්ත ගැළපීම අනුව, 2023.10.31 වන දින වන විට වැඩිම ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිරිසක් සිටින රට කුවේට් වන අතර, සේවයෙහි නිරත ශ්‍රමික සංඛ්‍යාව ආසන්න වශයෙන් 232,170ක් වේ.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී ඇති පුද්ගලයන්ගේ දත්ත සහ ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මඟින් ලබාදෙන දත්ත ගැළපීම අනුව, 2023.10.31 දින වන විට රටවල් 21ක ආසන්න වශයෙන් එක් ශ්‍රමිකයෙකු බැගින් සේවයෙහි නිරතව සිටින අතර, එම රටවල් පහත සඳහන් පරිදි වේ.
|
|
Country |
No. of Migrant Workers Currently in Overseas |
|
1. |
Argentina |
1 |
|
2. |
Armenia |
1 |
|
3. |
Bhutan |
1 |
|
4. |
Brazil |
1 |
|
5. |
Burkina Faso |
1 |
|
6. |
Comoros |
1 |
|
7. |
Ecuador |
1 |
|
8. |
Espana |
1 |
|
9. |
Falkland Islands |
1 |
|
10. |
Gibraltar |
1 |
|
11. |
Holland |
1 |
|
12. |
Ivory Coast |
1 |
|
13. |
Mauritania |
1 |
|
14. |
Mongolia |
1 |
|
15. |
Nicaragua |
1 |
|
16. |
Republic of Somaliland |
1 |
|
17. |
Saipan |
1 |
|
18. |
Senegal |
1 |
|
19. |
Turkmenistan |
1 |
|
20. |
Uruguay |
1 |
|
21. |
West Indian Islands |
1 |
2023.10.31 දින වන විට එක් එක් රටවල සේවයෙහි නිරතව සිටින ශ්‍රමිකයින් සංඛ්‍යාව පිළිබඳ තොරතුරු කාණ්ඩ වශයෙන් පහත පරිදි වේ.
|
එක් එක් රටවල සේවයෙහි නිරතව සිටින ශ්‍රමිකයින් සංඛ්‍යාව කාණ්ඩ වශයෙන් |
රටවල් සංඛ්‍යාව |
|
එක් අයෙකු පමණක් |
21 |
|
2 - 1,000 දක්වා |
136 |
|
1,001 - 5,000 දක්වා |
07 |
|
5,001 - 10,000 දක්වා |
03 |
|
10,001 - 200,000 දක්වා |
10 |
|
200,001ට වැඩි |
03 |
(iii) • විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් රටවල් 49ක විදේශ දූත මණ්ඩල පිහිටුවා ඇති අතර, එම අමාත්‍යාංශය මඟින් එකී රටවල් සමඟ තානාපති සබඳතා පවත්වනු ලබයි. එය පහත පරිදි වේ.
ශ්‍රී ලංකාව විසින් තානාපති සබඳතා පවත්වන රටවල්
01. ඕස්ට්‍රේලියාව 26. මාලදිවයින
02. ඔස්ට්‍රියාව 27. මියන්මාරය
03. බහරේන් 28. නේපාලය
04. බංග්ලාදේශය 29. නෙදර්ලන්තය
05. බෙල්ජියම 30. ඕමානය
06. බ්‍රසීලය 31. පාකිස්තානය
07. කැනඩාව 32. පලස්තීනය
08. චීනය 33. පෝලන්තය
09. කියුබාව 34. කටාර්
10. ඊජිප්තුව 35. රුමේනියාව
11. ඉතියෝපියාව 36. රුසියාව
12. ප්‍රංශය 37. සවුදි අරාබිය
13. ජර්මනිය 38. සීෂෙල්ස්
14. ඉන්දියාව 39. සිංගප්පූරුව
15. ඉන්දුනීසියාව 40. දකුණු අප්‍රිකාව
16. ඉරානය 41. දකුණු කොරියාව
17. ඉරාකය 42. ස්වීඩනය
18. ඊශ්‍රායලය 43. තායිලන්තය
19. ඉතාලිය 44. පිලිපීනය
20. ජපානය 45. ටර්කි
21. ජෝර්දානය 46. එක්සත් අරාබි එමීර් රාජ්‍යය
22. කෙන්යාව 47. එක්සත් රාජධානිය
23. කුවේට් 48. ඇමෙරිකා එක්සත් ජනපදය
24. ලෙබනන් 49. වියට්නාමය
25. මැලේසියාව
(iv) ඔව්.
(v) විදේශ දූත මණ්ඩල පිහිටුවීම හා පවත්වාගෙන යාම විදේශ කටයුතු අමාත්‍යාංශයේ විෂය පථයට අයත් වුවද, විදේශගතව සේවය කරනු ලබන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ සුබසාධනය, ආරක්ෂාව සම්බන්ධයෙන් එකී දූත මණ්ඩලයන්හි පිහිටුවා ඇති රැකීරක්ෂා හා සුබසාධන අංශ මඟින් සිදු කරනු ලබයි. කෙසේ වෙතත්, මේ වන විට දූත මණ්ඩල පිහිටුවා ඇති ජපානයේ හා රුමේනියාවේ රැකී රක්ෂා සහ සුබසාධන අංශ පිහිටුවීමට කටයුතු කරමින් පවතී.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2023-11-14
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks