පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2378/’12
ගරු අනෝමා ගමගේ මහත්මිය,— විදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ සංවර්ධනය උදෙසා හා ජාත්‍යන්තරව ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට හානි කරනු ලබන විදේශීය බලපෑම් අවම කරවීමට අවශ්‍ය අන්තර්ජාතික සහයෝගය ලබා ගැනීමට හිතකර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණුකිරීමේ අරමුණින් 2011 වර්ෂයේදී රජය විසින් සිදු කරන ලද විදේශ ගමන් කවරේද;
(ii) එම විදේශ සංචාර සඳහා සහභාගීවූවන් කවුරුන්ද;
(iii) ඒ වෙනුවෙන් වැයවූ මුදල කොපමණද;
(iv) එම විදේශ සංචාර නිසා ශ්‍රී ලංකාවට ලැබුණු ප්‍රතිලාභ කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම් මන්ද?
අසන ලද දිනය
2012-08-08
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) අනෝමා ගමගේ මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
විදේශ කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු (මහාචාර්ය) ජී.එල්.පීරිස් මහතා (විදේශ කටයුතු අමාත්‍යතුමා)
(மாண்புமிகு (பேராசிரியர்) ஜீ.எல். பீரிஸ் - வெளிநாட்டலுவல்கள் அமைச்சர்)
(The Hon. (Prof.) G.L. Peiris - Minister of External Affairs)
ගරු කථානායකතුමනි, මෙය ඉතාම දීර්ඝ පිළිතුරක්. රජය විසින් රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා ඉදිරිපත් වුණ සියලුම අවස්ථා පිළිබඳ සම්පූර්ණ විස්තරයක් මෙම පිළිතුරේ අඩංගු වෙනවා. පිටු 75ක් පමණ තිබෙනවා. මම එම පිළිතුර සභාගත* කරනවා.
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ලැයිස්තුව ඇමුණුම i හි දැක්වේ
(ii) ලැයිස්තුව ඇමුණුම ii හි දැක්වේ.
(iii) සමස්ත වියදම ශ්‍රී ලංකා රුපියල් 73,233,923.73 වේ.
(ජනාධිපති සංචාර පිළිබඳ සමස්ත පිරිවැය විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් දරනු නොලබන නිසා ජනාධිපති සංචාර සම්බන්ධයෙන් මෙහි දක්වා ඇති වියදම ඒ සඳහා වැය වූ සමස්ත පිරිවැය නොවේ.)
(iv) ලැයිස්තුව ඇමුණුම iiiහි දැක්වේ
ඇමුණුම් පුස්තකාලයේ ද තබා ඇත.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2013-03-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (මහාචාර්ය) ජී. එල්. පීරිස් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks