01

E   |     |  

 දිනය: 2023-09-05   පිළිතුර ලබා දී ඇත 

3527/2023: රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සතු දැන්වීම් පුවරු: කුලියට දීම

3527/2023

ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා,— මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සතු දැන්වීම් පුවරු 2015 වර්ෂයේ සිට කුලී පදනම මත ලබා දී තිබේද;

             (ii)      එසේ නම්, එම දැන්වීම් පුවරු කුලී පදනම මත ලබා ගෙන ඇති ආයතන කවරේද;

(iii) ඒ වෙනුවෙන් ලැබී ඇති වාර්ෂික ආදායම කොපමණද;

(iv) කුලී පදනම මත එම දැන්වීම් පුවරු ලබා දෙනු ලබන ක්‍රමවේදය කවරේද;

(v) එම දැන්වීම් පුවරු කුලී පදනම මත ලබා දෙනු ලබන කාලය කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2023-09-05

අසන ලද්දේ

ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:

* Answer tabled:

 

(අ)           (i)      ඔව්, කුලී පදනම මත ලබා දී තිබේ.

              (ii)     

ආයතනයේ නම

ලබා දී ඇති ස්ථානය

රිචඩ්සන් ආයතනය

මරදාන ගුවන් පාලම

එස්.කේ. හෝල්ඩින් ආයතනය

මරදාන ගුවන් පාලම

හමර් බී.ටී.එල්. ආයතනය

මරදාන ගුවන් පාලම

අවුට් ඔෆ් හෝම් මීඩියා ආයතනය

ප්‍රධාන කාර්යාලය

  රෝයල් කන්ස්ට්‍රක්ෂන් ආයතනය

මරදාන ගුවන් පාලව

 

කොටුව ලෝටස් පාර පාලම

 

පෑලියගොඩ වැඩබිම

 

 

 

 

 

 

 

 

 

(iii)

වර්ෂය

වාර්ෂික ආදායම (රුපියල් මිලියන)

2015

1.76

2016

1.94

2017

2.14

2018

3.79

2019

1.03

2020

0.47

2021

5.71

2022

6.37

2023

6.20

 

 

 

 

 

 

 

 

 

 

 

(iv) ටෙන්ඩර් කැඳවීම මඟින්.

(v) වසරකට ගිවිසුම්ගත වේ. ගිවිසුම් දීර්ඝ කිරීමේදී කුලී මුදල වාර්ෂිකව සියයට 10කින් වැඩි කරනු ලැබේ.

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2023-09-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks