01

E   |     |  

 දිනය: 2023-10-06   පිළිතුර ලබා දී ඇත 

3515/2023: කුරුණෑගල දිස්ත්‍රික්කයේ රජයේ රෝහල්වල කාර්ය මණ්ඩලය: විස්තර

3515/2023

ගරු අසංක නවරත්න මහතා,—  සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇති රජයේ රෝහල් සංඛ්‍යාව කොපමණද;

             (ii)      ඒවායේ නම් කවරේද;

           යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?       

(ආ)        (i)      ඉහත සඳහන් එක් එක් රෝහලේ මේ වනවිට සේවය කරනු ලබන සේවකයන් සංඛ්‍යාව කොපමණද;

(ii) එම එක් එක් රෝහලේ වෛද්‍ය, හෙද හා කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ තනතුරුවල මේ වනවිට පවතින පුරප්පාඩු සංඛ්‍යාව කොපමණද;

(iii) වර්ෂ 2020 සිට 2023 දක්වා ඉහත සඳහන් එක් එක් රෝහලේ විදේශීය හා දේශීය නිවාඩු ලබා ගෙන ඇති වෛද්‍යවරුන්, හෙදියන් සහ  කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයන් සංඛ්‍යාව කොපමණද;

(iv) ඉහත කාලය තුළ විශ්‍රාම ගෙන ඇති වෛද්‍යවරුන්, හෙදියන් සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයන් සංඛ්‍යාව කොපමණද;

යන්නත් එතුමා වෙන් වෙන් වශයෙන් මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-10-06

අසන ලද්දේ

ගරු අසංක නවරත්න මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු කථානායකතුමනි,   එම ප්‍රශ්නයට පිළිතුර මම සභාගත* කරනවා.

 

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)     

රෝහල් වර්ගය

සංඛ්‍යාව

ශික්ෂණ රෝහල් (TH)

 2

මූලික රෝහල් (ඒ) (BHA)

 1

මූලික රෝහල් (බී) (BHB)

 3

ප්‍රාදේශීය රෝහල් (ඒ) (DHA)

 8

ප්‍රාදේශීය රෝහල් (බී) (DHB)

12

ප්‍රාදේශීය රෝහල් (සී) (DHC)

20

එකතුව

46

 

  මීට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකක (PMCU) 56ක් ඇත.

(ii) ඇමුණුම 01** මඟින් දක්වා ඇත.

(ආ) (i) ඇමුණුම 02** මඟින් දක්වා ඇත.

(ii) ඇමුණුම 03** මඟින් දක්වා ඇත.

(iii)

විදේශීය නිවාඩු තොරතුරු

අනු අංකය

තනතුර

2020 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා

01

විශේෂඥ වෛද්‍ය නිලධාරි

 

08

02

වෛද්‍ය නිලධාරි

 

74

03

හෙද නිලධාරි

73

04

කනිෂ්ඨ කාර්යය මණ්ඩලය

 

09

 

දේශීය නිවාඩු තොරතුරු

අනු අංකය

තනතුර

2020 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා

01

වෛද්‍ය නිලධාරි

01

02

 හෙද නිලධාරි

03

(iv)

2020 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා

විශ්‍රාම ලබා ඇති කාර්යය මණ්ඩල තොරතුරු

අනු අංකය

තනතුර

වර්ෂය

 

 

2020

2021

2022

2023 වර්ෂයේ සිට මේ දක්වා

01

විශේෂඥ වෛද්‍ය නිලධාරි

 0

 02

 03

 07

02

වෛද්‍ය නිලධාරි

18

09

06

06

03

හෙද නිලධාරි

39

24

49

53

04

කනිෂ්ඨ කාර්යය මණ්ඩලය

 112

91

78

88

(ඇ) පැන නොනඟී.

 

 

පිළිතුරු දුන් දිනය

2024-01-12

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks