01

E   |     |  

 දිනය: 2023-08-22   පිළිතුර ලබා දී ඇත 

3506/2023: මහ බැංකු නිලධාරින්ගේ අර්ථසාධක අරමුදල, EPF සහ ETF: ගිණුම් ‍ශේෂය මත පොලී අනුපාත

3506/2023

ගරු ගෙවිඳු කුමාරතුංග මහතා,—  මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සඳහා පවත්වාගෙන යනු ලබන අර්ථසාධක අරමුදලේ ගිණුම් ශේෂය වෙනුවෙන් 2022 වර්ෂයේදී  ලබා දී ඇති පොලී අනුපාතය කවරේද;

            (ii)       සේවක අර්ථසාධක අරමුදලේ (E.P.F)  ගිණුම් ශේෂය වෙනුවෙන් 2022 වර්ෂයේදී ලබා දී ඇති පොලී අනුපාතය කවරේද;

(iii) සේවා නියුක්තිකයින්ගේ භාරකාර අරමුදලේ (E.T.F) ගිණුම් ශේෂය සඳහා 2022 වර්ෂයේදී ලබා දී ඇති පොලී අනුපාතය කවරේද;

(iv) ඉහත සඳහන් එක් එක් අරමුදල්වල ගිණුම් ශේෂ සඳහා ලබා දෙන ලද පොලී අනුපාත අතර වෙනසක් පවතී නම්, ඊට හේතු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-08-22

අසන ලද්දේ

ගරු ගෙවිඳු කුමාරතුංග මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      සියයට 29.27යි.

              (ii)      සියයට 9යි.

            (iii)      සියයට 8.75යි.

             (iv)      මෙම වෙනසට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ එක් එක් අරමුදල් විසින් විවිධ ප්‍රතිලාභ බෙදා හැරීමේ ප්‍රතිපත්ති අනුගමනය කිරීමයි.

(ආ)     පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2023-11-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ශෙහාන් සේමසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks