01

E   |     |  

 දිනය: 2023-09-06   පිළිතුර ලබා දී ඇත 

3505/2023: Budgetary allocations for Higher Education

3505/2023

ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය මහත්මිය,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       2023 වර්ෂය සඳහා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් අයවැයෙන් වෙන් කළ මුළු ප්‍රතිපාදනය කොපමණද;

             (ii)       ප්‍රාග්ධන සහ පුනරාවර්තන වියදම් සඳහා වෙන් කළ ප්‍රතිපාදනය ඉහත මුළු ප්‍රතිපාදනයේ ප්‍රතිශතයක් ලෙස, වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) ඉහත ප්‍රතිපාදනයෙන් ප්‍රාග්ධන සහ පුනරාවර්තන වියදම් සඳහා මේ වනවිට නිකුත් කර ඇති මුදල, වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) 2019 සිට 2023 දක්වා වූ කාල පරිච්ඡේදය තුළ රාජ්‍ය විශ්වවිද්‍යාලවල පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා වෙන් කළ සහ නිකුත් කළ ප්‍රතිපාදනය වෙන් වෙන් වශයෙන් කොපමණද;      

(v) 2021 සිට 2023 දක්වා වූ කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය, වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය, කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනය, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය සඳහා වෙන් කළ සහ නිකුත් කළ ප්‍රතිපාදන වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මේ සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-09-06

අසන ලද්දේ

ගරු ආචාර්ය හරිනි අමරසූරිය, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks