පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2374/’12
ගරු දයාසිරි ජයසේකර මහතා,— සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) ගුවන්තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගමේ සභාපතිවරයාගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ,
(i) නම් කවරේද;
(ii) අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් කවරේද;
(iii) වැටුප්, වේතන සහ දීමනාවල අගයන් කවරේද;
යන්න වෙන් වෙන් වශයෙන් එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) ඉහත සමාගමේ සභාපතිවරයාගේ සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ වැටුප්, වේතන හෝ දීමනා,
(i) පසුගිය කාලවකවානුවේදී වැඩිකර තිබේද;
(ii) වැඩිකර තිබේ නම්, එය සිදුකර ඇති දිනය කවරේද;
(iii) එසේ වැඩි කිරීමට පෙර පැවති ඒවායේ අගයන් කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-12-04
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
සිවිල් ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු පියංකර ජයරත්න මහතා (සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා)
(மாண்புமிகு பியங்கர ஜயரத்ன - சிவில் விமானச் சேவைகள் அமைச்சர்)
(The Hon. Piyankara Jayaratne - Minister of Civil Aviation)
ගරු කථානායකතුමනි, ඒ ප්‍රශ්නයට පිළිතුර මා සභාගත* කරනවා.
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) සහ (ii)
(ආ) (i) සභාපති, උප සභාපති සහ විධායක අධ්‍යක්ෂගේ පමණක් දීමනා වැඩි කර ඇත. වැටුප් වැඩි කර නොමැත.
(ii) 2012.01.01 දින සිට
(iii)
|
|
නම |
තනතුර |
2012.01.01 දිනට පෙර පැවති දීමනා (රු.) |
|
01 |
ප්‍රසන්න වික්‍රමසූරිය මහතා |
සභාපති |
1,79,124.39 |
|
02 |
කමල් එස්. රත්වත්ත මහතා |
උප සභාපති |
1,73,981.39 |
|
03 |
යොහාන් ජයරත්න මහතා |
විධායක අධ්‍යක්ෂ |
1,59,103.39 |
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2013-09-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු පියංකර ජයරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks