01

E   |     |  

 දිනය: 2023-12-09   පිළිතුර ලබා දී ඇත 

3485/2023: New villages development authority for Plantation region

3485/2023

ගරු වේලු කුමාර් මහතා,— ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       වතුකරයේ වැවිලි කලාපවල සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීම වෙනුවෙන් “වැවිලි කලාපය සඳහා වූ නව ගම්මාන අධිකාරිය” ස්ථාපිත කර ඇති බව දන්නේද;

(ii) එම අධිකාරියේ පරිපාලන ව්‍යුහය කවරේද;

(iii) එම අධිකාරිය සඳහා මේ වනවිට පත් කර ඇති නිලධාරින්ගේ නම් කවරේද,

(iv) එම පත්වීම් සිදුකිරීමේදී සලකා බලන ලද සුදුසුකම් එක් එක් තනතුර අනුව වෙන් වෙන් වශයෙන් කවරේද,

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ඉහත අධිකාරියේ අරමුණු කවරේද;

(ii) එම අධිකාරිය විසින් ඉටු කරනු ලබන කාර්යයන් කවරේද;

(iii) එම අධිකාරියේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් සැලසුම් සකස් කර තිබේද;

(iv) එසේ නම්, ඒ පිළිබඳ විස්තර කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-12-09

අසන ලද්දේ

ගරු වේලු කුමාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks