01

E   |     |  

 දිනය: 2023-08-22   පිළිතුර ලබා දී ඇත 

3482/2023: National schools in Kandy District

3482/2023

ගරු වේලුකුමාර් මහතා, — අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       2020 වර්ෂයෙන් පසු ජාතික පාසල් බවට පත් කරන ලද මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාසල් සංඛ්‍යාව කොපමණද;

            (ii)       එම සංඛ්‍යාව, සිංහල මාධ්‍ය පාසල් සහ දෙමළ මාධ්‍ය පාසල් ලෙස වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ජාතික පාසල් ප්‍රමිතීන්ට අනුව ජාතික පාසලක තිබිය යුතු බිම් ප්‍රමාණය, ශිෂ්‍ය සංඛ්‍යාව සහ ගුරුවරුන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) ඉහත (අ) (i)හි සඳහන් ජාතික පාසල් එම ප්‍රමීතීන්ට අනුකූල වන්නේද;

 

(iii) නොඑසේ නම්, එම පාසල්, ජාතික පාසල් බවට පත් කිරීමේ පදනම කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2023-08-22

අසන ලද්දේ

ගරු වේලු කුමාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks