පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2368/’12
ගරු සජිත් ප්‍රේමදාස මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) “මහින්ද චින්තන - දිනවමු ශ්‍රී ලංකා” ප්‍රතිපත්ති මාලාව මගින් පාසල් දරුවන්ට දිවා ආහාරය සඳහා බත් වේලක් නොමිලයේ ලබා දෙන බවට පොරොන්දුවක් ලබා දී ඇති බව එතුමා දන්නෙහිද?
(ආ) (i) ඉහත පොරොන්දුව පරිදි සෑම පාසල් දරුවෙකුටම දිවා ආහාරය හිමි වන්නේද;
(ii) නොඑසේ නම්, ඊට හේතු කවරේද;
(iii) මේ වන විට දිවා ආහාරය සඳහා බත් වේලක් ලබා දෙන පාසල් සංඛ්‍යාව කොපමණද;
(iv) දිවා ආහාර ලබා දීම සඳහා එම පාසල් තෝරා ගත් පදනම කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-02-22
අසන ලද්දේ
ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) ඔව්.
(ආ) (i) නැත.
(ii) පාසල් සිසුන් සංඛ්‍යාව 100ට අඩු සෑම පාසලකම සියලු සිසුනට ද, සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ වාර්ෂික වාර්තාවේ පාසල් වෛද්‍ය පරීක්ෂණ දත්ත අනුව පෝෂණ ඌනතා වැඩි වශයෙන් පවතින ප්‍රදේශවල පාසල් හා මන්දපෝෂණ අනුපාතය වැඩි සිසුන් සහිත පාසල් ද, දරිද්‍රතා දර්ශක අගය වැඩිම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පාසල් ද හා දුෂ්කර ප්‍රදේශ පාසල් නියෝජනය වන පරිදි තෝරා ගැනීම මත සෑම පාසල් දරුවකුටම දිවා ආහාරය හිමි නොවේ.
(iii) පාසල් 7746කි.
|
පළාත |
පාසල් ගණන |
ශිෂ්‍ය සංඛ්‍යාව |
|
ඌව |
771 |
105,350 |
|
දකුණ |
823 |
131,202 |
|
මධ්‍යම |
1,066 |
111,333 |
|
උතුරු මැද |
701 |
93,243 |
|
සබරගමුව |
870 |
84,257 |
|
බස්නාහිර |
819 |
130,364 |
|
වයඹ |
852 |
92,853 |
|
නැඟෙනහිර |
880 |
124,743 |
|
උතුර |
964 |
157,942 |
|
මුළු එකතුව |
7,746 |
1,030,817 |
(iv) ශිෂ්‍ය සංඛ්‍යාව 100ට අඩු පාසල්වල සියලුම සිසුන්
දරිද්‍රතා අනුපාතය ඉහළ අගයක් ගන්නා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටි පාසල්
සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ වාර්ෂික වාර්තාවේ පාසල් වෛද්‍ය පරීක්ෂණ දත්ත අනුව පෝෂණ ඌනතාව වැඩි වශයෙන් පවතින පාසල් හා මන්දපෝෂණ අනුපාතය වැඩි සිසුන් සහිත පාසල්.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2014-05-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු දුමින්ද දිසානායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks