04

E   |     |  

 දිනය: 2023-08-08   පිළිතුර ලබා දී ඇත 

3363/2023: 2019 වර්ෂයේ බදු අඩු කිරීම්: රජයේ ආදායම අහිමි වීම

3363/2023

ගරු මයන්ත දිසානායක මහතා,— මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      2019 ජනාධිපතිවරණ පොරාන්දුවක් අනුව සිදු කරන ලද බදු අඩු කිරීම හේතුවෙන් 2019 දෙසැම්බර් සිට මේ දක්වා රජයට අහිමි වූ බදු ආදායම කොපමණද;

 

(ii) එම බදු අඩු කිරීම හේතුවෙන් අහිමි වූ මුදල, පියවා ගැනීමට කටයුතු කරන ලද ආකාරය කවරේද;

(iii) එම බදු අඩු කිරීම, ජනතාවට සහන සැලසීම සඳහා බාධාවක් වී තිබේද;

(iv) අඩු කරන ලද එම බදු නැවත වැඩි කිරීමට තීරණය කර තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-08-08

අසන ලද්දේ

ගරු මයන්ත දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      කොවිඩ් -19  වසංගතයේ ඍණාත්මක බලපෑම සමඟ අධික ලෙස බදු අඩු කිරීම හේතුවෙන් 2019 වසරේ දී වාර්තා වූ රුපියල් බිලියන 1,890.9ක සමස්ත රාජ්‍ය ආදායම 2020 වසරේ දී සියයට 27.7කින්, එනම් රුපියල් බිලියන 525.5කින් රුපියල් බිලියන 1,368.0ක් දක්වා අඩු විය.

                        සමස්ත රාජ්‍ය ආදායම 2020 වසරේ වාර්තා වූ රුපියල් බිලියන 1,368ට සාපේක්ෂව 2021 වසරේදී රුපියල් බිලියන 1,457.1 දක්වා වැඩි විය. [බාධා කිරීම්] කෙසේ වුවද මෙය 2019 වසරට සාපේක්ෂව සියයට 22.9ක අඩුවීමකි. 2022 වසරේදී සමස්ත රාජ්‍ය ආදායම රුපියල් බිලියන 1,979ක් ලෙස වාර්තා වූ අතර, එය 2021 වසරට සාපේක්ෂව සියයට 35.8ක වර්ධනයක් සනිටුහන් කරන ලදී.  

(ii) බදු කපා හැරීම මඟින් අහිමි වූ ආදායම නැවත ලබා ගැනීමේ අරමුණ ඇතිව 2022 වසරේ අය වැය මඟින් අධිභාර බද්ද සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද යන නවතම බදු හඳුන්වා දෙන ලදී. එනම්,

  • 2020/2021 ආදායම් තක්සේරු වර්ෂය සඳහා බදු අය කළ හැකි ආදායම රුපියල් මිලියන 2,000 ඉක්මවන පුද්ගලයන්ගෙන්, හවුල් ව්‍යාපාරවලින් හෝ සමාගම්වලින් සියයට 25ක අනුපාතය යටතේ එක් වරක් පමණක් අය කරන බද්දක් ලෙස අධිභාර බද්දක් පැනවීම.
  • 2022 ඔක්තෝබර් මස 01වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද පැනවීම. ජාතිය ගොඩනැඟීමේ බද්ද අහෝසි කර මෙම සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද හඳුන්වා දෙන ලද අතර, මෙය මුළු පිරිවැටුම රුපියල් මිලියන 120ට වඩා වැඩි ආදායමක් මත සියයට 2.5ක අනුපාතයක් ලෙස පනවන ලදී.  
  • මීට අමතරව 2022 ජනවාරි මස 01වන දින සිට බලපැවැත්වෙන පරිදි මූල්‍ය සේවා මත එකතු කළ අගය මත බදු අනුපාතය සියයට 15 සිට සියයට 18 දක්වා වැඩි කරන ලදී. තවද, 2019 වසරේ දෙසැම්බර් මස සිට ක්‍රියාත්මක වූ ලිහිල් බදු ක්‍රමවේදය යටතේ අඩු කරන ලද බදු ඉහළ නැංවීම සඳහා 2022 වසරේ ජුනි මස සිට බදු ප්‍රතිසංස්කරණ මාලාවක් හඳුන්වා දෙන ලදී.

ආදායම් බද්ද සඳහා හඳුන්වා දෙන ලද ප්‍රතිසංස්කරණ

  • පුද්ගල ආදායම් බද්ද සම්බන්ධයෙන් 2020 වසරේදී සිදු කළ සංශෝධනවලට පෙර රුපියල් 500,000ක පුද්ගල ආදායම් බදු සහනයක්ද, රුපියල් 700,000ක සේවා නියුක්ති සහනයක්ද පැවතිණි.  මෙම පුද්ගල ආදායම් බදු සහනය 2020 වසරේදී වර්ෂයකට රුපියල් 3,000,000 දක්වා ඉහළ නංවන ලදී. නව බදු ප්‍රතිසංස්කරණ අනුව වර්තමානයේදී පුද්ගල ආදායම් බදු සහනය වර්ෂයකට රුපියල් 1,200,000 දක්වා නැවත අඩු කරන ලදී.

 

 

පිළිතුරු දුන් දිනය

2023-08-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රංජිත් සියඹලාපිටිය මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks