01

E   |     |  

 දිනය: 2023-07-21   පිළිතුර ලබා දී ඇත 

3353/2023: Identification of archaeological monuments

3353/2023

ගරු ජයන්ත සමරවීර මහතා,—  බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු       අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට හඳුනාගෙන ඇති පුරාවිද්‍යා ස්මාරක සංඛ්‍යාව කොපමණද;

             (ii)      එම එක් එක් පුරවිද්‍යා ස්මාරකයේ නම, පිහිටා ඇති පළාත, දිස්ත්‍රික්කය හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) 2023.06.01 දින වනවිට ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර ඇති පුරාවිද්‍යා ස්මාරක සංඛ්‍යාව කොපමණද;

(iv) එම එක් එක් පුරාවිද්‍යා ස්මාරකයේ නම, පිහිටා ඇති පළාත, දිස්ත්‍රික්කය හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) ඉහත (අ)(iii)හි සඳහන් පුරාවිද්‍යා ස්මාරක අතරින් මේ වනවිට කැනීම් හා සංරක්ෂණ කටයුතු සිදු කරනු ලබන පුරාවිද්‍යා ස්මාරක සංඛ්‍යාව කොපමණද;

(ii) එම එක් එක් පුරාවිද්‍යා ස්මාරකයේ නම, පිහිටා ඇති පළාත, දිස්ත්‍රික්කය හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර ඇති එහෙත් මේ වනතෙක් සංරක්ෂණ කටයුතු සිදු කර නොමැති පුරාවිද්‍යා ස්මාරක සංඛ්‍යාව කොපමණද;

(iv) එම එක් එක් පුරාවිද්‍යා ස්මාරකයේ නම, පිහිටා ඇති පළාත, දිස්ත්‍රික්කය හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-07-21

අසන ලද්දේ

ගරු ජයන්ත සමරවීර මහතා, පා.ම.

අමාත්‍යාංශය

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks