04

E   |     |  

 දිනය: 2023-07-21   පිළිතුර ලබා දී ඇත 

3350/2023: Receipt of complaints against the oversear of Lady Ridgeway Hospital

3350/2023

ගරු එස්. එම්. මරික්කාර් මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      රිජ්වේ ආර්යා ළමා රෝහලේ මේ වනවිට සේවය කරනු ලබන ප්‍රධාන සුළු සේවා පාලකවරයා වර්ෂ 16කට අධික කාලයක් එම රෝහලේ සේවය කරමින් සිටින බවත්;

             (ii)      ඔහු විසින් සිදු කරනු ලබන විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පැමිණිලි විශාල සංඛ්‍යාවක් ලැබී ඇති බවත්;

  එතුමා දන්නෙහිද?

(ආ) (i) එම පැමිණිලි සම්බන්ධ පරීක්ෂණ අතරමග නතර කිරීමට හේතු කවරේද;

(ii) ඉහත සේවකයා සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීමට හේතු කවරේද;

(iii) ඔහු විසින් සිදු කරනු ලබන විෂමාචාර සහ අක්‍රමිකතා නැවැත්වීම සඳහා ගෙන ඇති පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-07-21

අසන ලද්දේ

ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks