පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3336/2023
ගරු ඉම්තියාස් බාකීර් මාකාර් මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාලනය යටතේ පවතින රජයේ රෝහල් සංඛ්‍යාව කොපමණද;
(ii) එම එක් එක් රෝහලේ නම සහ පිහිටි දිස්ත්‍රික්කය වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) එම එක් එක් රෝහලේ සිටිය යුතු හා මේ වනවිට සිටින වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) ඉහත සඳහන් රෝහල්වල පවතින වෛද්‍යවරුන්ගේ පුරප්පාඩු පිරවීම සඳහා ගෙන ඇති පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශ ගත වූ වෛද්‍යවරුන් නැවත ශ්‍රී ලංකාවට නොපැමිණ තිබේද;
(ii) එසේ නම්, එම වෛද්‍යවරුන් සංඛ්‍යාව කොපමණද;
(iii) වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශ ගත වී ඇති වෛද්‍යවරුන් නැවත ශ්‍රී ලංකාවට නොපැමිණීම වැළැක්වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබේද;
(iv) එසේ නම්, එම ක්‍රියාමාර්ග කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-08-22
අසන ලද්දේ
ගරු ඉම්තියාස් බාකීර් මාකාර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාලනය යටතේ පවතින රජයේ රෝහල් සංඛ්‍යාව 54කි.
(ii) ඇමුණුමෙහි දක්වා ඇත. ඇමුණුම සභාගත* කරමි.
(iii) සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාලනය යටතේ පවතින රජයේ රෝහල් සඳහා අනුමත වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් සංඛ්‍යාවත්, 2022.12.31 දින වන විට සේවයේ නියුතු සංඛ්‍යාවත් පිළිබඳ තොරතුරු ඉහත ඇමුණුමෙහි දක්වා ඇත.
ඒක දීර්ඝ ලැයිස්තුවක්, ගරු මන්ත්‍රීතුමා.
2023.06.30 වන දිනට පවත්නා පුරප්පාඩු සංඛ්‍යාව පිළිබඳ තොරතුරු දැනටමත් කැඳවා ඇති අතර එම දත්ත විශ්ලේෂණය මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් සිදු කරමින් පවතී. පසුගිය අවුරුද්දේ අවසානය දක්වා විස්තර ඇමුණුමේ තිබෙනවා.
(iv) රෝහල්වල පවතින වෛද්‍ය පුරප්පාඩු පිරවීම සඳහා ගෙන ඇති පියවර වන්නේ,
1. රෝහල්වල පවතින විශේෂඥ වෛද්‍යවරුන්ගේ පුරප්පාඩු පිරවීමේදී,
i. විශේෂඥ වෛද්‍ය නිලධාරින්ගේ ස්ථාන මාරුවීම් වාර්ෂික ස්ථාන මාරු මඟින් පමණක් සිදු කරන අතර, ඒ මඟින් පුරප්පාඩු පිරවීමට කටයුතු කිරීම.
ii. පශ්චාත් උපාධි දේශීය පුහුණුව අවසන් කළ සහ වසර දෙකක විදේශීය අධ්‍යයන පුහුණුව අවසන් කළ වෛද්‍ය නිලධාරින් වැඩ බලන විශේෂඥ වෛද්‍ය නිලධාරින් ලෙස සේවා අවශ්‍යතාව මත පත් කිරීම.
2. අනුමත විදේශ නිවාඩුවලින් පසුව හා පශ්චාත් උපාධි වෛද්‍ය ආයතනය වෙතින් මුදා හරිනු ලබන වෛද්‍ය නිලධාරින් පුරප්පාඩු පවතින සේවා ස්ථාන වෙත අනුයුක්ත කිරීම.
3. අනුමත සේවක සංඛ්‍යා හා සේවා ප්‍රමුඛතා පදනම් කර ගනිමින් ඉදිරි පශ්චාත් සීමාවාසික වෛද්‍ය නිලධාරි ස්ථානගත කිරීම් යටතේ ශ්‍රේණි වෛද්‍ය නිලධාරි පුරප්පාඩු සම්පූර්ණ කිරීමට කටයුතු කිරීම.
(ආ) (i) ඔව්.
(ii) 2015 වර්ෂයේ සිට මේ දක්වා වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශගත වූ වෛද්‍යවරුන්ගෙන් නැවත නොපැමිණි වෛද්‍ය නිලධාරින් සංඛ්‍යාව 141කි. මේ මාස හය හැර.
(iii) ඔව්.
(iv) වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශගත වී ඇති වෛද්‍යවරුන් නැවත ශ්‍රී ලංකාවට නොපැමිණීම වැළැක්වීම සඳහා ගනු ලබන ක්‍රියා මාර්ග වන්නේ,
1. වසර දෙකක විදේශ අධ්‍යයන පුහුණුව අවසන් කොට නියමිත දිනට සේවයට වාර්තා නොකරන ලද වෛද්‍ය නිලධාරින්ට මාසයක කාලයක් ඇතුළත වහාම සේවයට වාර්තා කරන ලෙස දන්වා යවන අතර, එසේ නොපැමිණෙන නිලධාරින් සඳහා සේවය හැර යෑමේ නියෝග නිකුත් කිරීමට කටයුතු කරනු ලැබේ.
2020 වසර දක්වා එසේ නොපැමිණි වෛද්‍ය නිලධාරින් සියලුදෙනාට සේවය හැර යෑමේ නියෝග නිකුත් කර ඇත.
2. පවතින තත්ත්වය තුළ දිවයිනෙන් බැහැරව යන -බුද්ධිගලනය- ශ්‍රේණි වෛද්‍ය නිලධාරින් සම්බන්ධයෙන් අධ්‍යයනය කොට අවශ්‍ය නිර්දේශ ලබා දීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ ප්‍රධානත්වයෙන් හා ඒ විශේෂඥයන්ගේ සාමාජිකත්වයෙන් කමිටුවක් පත් කර ඇති අතර, මේ පිළිබඳව පුළුල් අධ්‍යයනයක් සිදු කරමින් අදාළ නිර්දේශ ඉදිරියේදී ලබා දීමට නියමිතව පවතී.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2023-08-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කෙහෙලිය රඹුක්වැල්ල මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks