01

E   |     |  

 දිනය: 2023-07-07   පිළිතුර ලබා දී ඇත 

3334/2023: Vacancies of lecturer posts in Universities of Sri Lanka

3334/2023

ගරු ඉම්තියාස් බාකීර් මාකාර් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      ශ්‍රී ලංකාවේ රජයේ විශ්වවිද්‍යාල සංඛ්‍යාව, ඒවායේ නම් සහ එම එක් එක් විශ්වවිද්‍යාලයේ ඇති පීඨවල නම් වෙන් වෙන් වශයෙන් කවරේද ;

             (ii)      ඉහත විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන්ගේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා ගෙන ඇති පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් හා මහාචාර්යවරුන් විදේශ රටවලට සංක්‍රමණය වී තිබේද;

(ii) එසේ නම්,  ඉදිරියේදී එසේ සංක්‍රමණය වීම වැළැක්වීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-07-07

අසන ලද්දේ

ගරු ඉම්තියාස් බාකීර් මාකාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks