පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3333/2023
ගරු වාසුදේව නානායක්කාර මහතා, — මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වර්ෂ 2008 සිට 2013 දක්වා කාලය තුළ එවකට ලංකා බැංකුවේ සභාපතිවරයා වූ ගාමිණී වික්‍රමසිංහ මහතා විසින් සිදු කරන ලද දූෂණ ක්‍රියා පිළිබඳව දන්නේද;
(ii) 2009 වර්ෂයෙන් පසු ලංකා බැංකුව විසින් ණය පොළිය කපා හරින ලද බව මිහින් ලංකා සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේදී අනාවරණය වූයේද;
(iii) වික්‍රමසිංහ මහතාගේ සභාපතිත්වය යටතේ ලංකා බැංකුව ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සවිකිරීම සහ තොරතුරු තාක්ෂණ ආශ්‍රිත සේවා සැපයීම සඳහා ඉන්ෆොමැටික් සමූහය වෙත කොන්ත්‍රාත් ප්‍රදානය කර තිබුණේද;
(iv) ඉහත සඳහන් කළ කොන්ත්‍රාත් ප්‍රදානය කරන අවස්ථාවේ වික්‍රමසිංහ මහතා ඉන්ෆොමැටික් සමූහයේ අර්ධ හිමිකාරිත්වයක් දැරුවේද;
(v) ඉන්ෆොමැටික් සමූහයේ හිමිකරුවෙකුව සිටියදී ඒ මහතා ලංකා බැංකුවේ සභාපතිවරයා ලෙස රාජකාරි ඉටු කිරීමෙන් බැඳියා පිලිගැටුමක් ඇති වූයේද;
(vi) වික්‍රමසිංහ මහතා විසින් සිදු කරන ලද ඉහත සඳහන් කළ කොන්ත්‍රාත් ප්‍රදානය කිරීම ඇතුළු අනෙකුත් දූෂණ ක්‍රියා පිළිබඳව විමර්ශන සිදු කරන්නේද;
(vii) එම විමර්ශන තුළින් සොයාගත් කරුණු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නො එසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-07-07
අසන ලද්දේ
ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) එවැනි දූෂණ ක්‍රියා සම්බන්ධව අප වෙත වාර්තා වී නොමැත.
(ii) මීට අදාළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව මෙතෙක් අප වෙත ලැබී නොමැත.
(iii) එසේ කොන්ත්‍රාත් ප්‍රදානය කර ඇත.
(iv) එවැනි හිමිකාරිත්වයක් දරා ඇත.
(v) අධ්‍යක්ෂවරයෙකුට අදාළව කිසියම් සම්බන්ධයක් ඇති කරුණක් සාකච්ඡා කර තීරණය කරන විට, ඊට අදාළ අධ්‍යක්ෂවරයා එම අධ්‍යක්ෂ මණ්ඩල සාකච්ඡා කිරීම් සහ තීරණ ගැනීම් සඳහා සහභාගි නොවන බැවින් එවැනි පිළිගැටුමක් ඇති නොවේ.
(vi) ඒ පිළිබඳව අප වෙත වාර්තා වී නොමැති බැවින්, එවැනි අවශ්‍යතාවක් නොතිබුණි.
(vii) අදාළ නැත.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2023-08-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks