04

E   |     |  

 දිනය: 2023-06-22   පිළිතුර ලබා දී ඇත 

3316/2023: Covid-19 Vaccination programme

3316/2023

ගරු නීතිඥ චන්දිම වීරක්කොඩි මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      කොවිඩ්-19 වසංගතය මර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද එන්නත් වර්ග කවරේද;

             (ii)      ආනයනය කරන ලද එන්නත් සංඛ්‍යාව එක් එක් එන්නත් වර්ගය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) ඉහත එන්නත් වර්ග  නිෂ්පාදනය කරන ලද රටවල් කවරේද;

(iv) එම එන්නත් ආනයනය කරනු ලැබූ ආයතන කවරේද;

(v) එන්නත් මිලදී ගැනීමේදී විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාමාර්ග අනුගමනය කර තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) පළමුවැනි, දෙවැනි, තෙවැනි හා සිව්වැනි මාත්‍රා සඳහා භාවිතයට ගන්නා ලද එන්නත් සංඛ්‍යාව එක් එක් එන්නත් වර්ගය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) ඉහත (අ)(i)හි සඳහන් එන්නත් සම්පූර්ණයෙන්ම භාවිතයට ගනු ලැබුවේද;

(iii) ඉතිරි වූයේ නම්, එම ඉතිරි වූ ප්‍රමාණය එක් එක් එන්නත් වර්ගය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) නියමිත එන්නත් මාත්‍රා ලබා ගත් පුද්ගලයන්ට සංකූලතා ඇති වූයේද;

(ii) එසේ නම්, එම පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;

යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-06-22

අසන ලද්දේ

ගරු නීතිඥ චන්දිම වීරක්කොඩි මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks