01

E   |     |  

 දිනය: 2023-05-25   පිළිතුර ලබා දී ඇත 

3268/2023: Establishment of a database for the properties in Muslim religious places

3268/2023

ගරු එම්. එස්. තවුෆික් මහතා,— බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ, වක්ෆ් අංශය විසින් මුස්ලිම් පල්ලි, තක්කියා, සාවියා සහ දර්ගා ඇතුළු පුණ්‍යායතනවලට අයත් නිශ්චල හා චංචල දේපල සම්බන්ධයෙන් දත්ත සමුදායක් පවත්වා නොගැනීමට හේතු කවරේද;

(ii) එසේ දත්ත සමුදායක් පවත්වා නොගැනීම හේතුවෙන් ඉහත සඳහන් ආයතනවලට අයත් දේපල, පුද්ගලික දේපල ලෙස පරිහරණය කිරීම සහ වක්ෆ් මණ්ඩලයේ අනුදැනුමකින් තොරව එම දේපල අධික මිල ගණන්වලට අලෙවි කිරීම වැනි දුෂණ හා අක්‍රමිකතා සිදු වන බව දන්නේද;

(iii) එම දුෂණ හා අක්‍රමිකතා වැළැක්වීමේ මූලික පියවර ලෙස ඉහත දේපල සම්බන්ධයෙන් විධිමත් දත්ත සමුදායක් ගොඩනැගීම සඳහා කඩිනම් පියවර ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-05-25

අසන ලද්දේ

ගරු එම්. එස්. තවුෆික් මහතා, පා.ම.

අමාත්‍යාංශය

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks