පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3265/2023
ගරු එම්. එස්. තවුෆික් මහතා,— මහජන ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මාතර මාලිම්බඩ පොලිස් බලප්‍රදේශයේ, තෙලිජ්ජවිල, සොරගොඩ ගම්මානයේ පිහිටි සුසාන භූමියේ භූමදානය කරන ලද මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු, සංවිධානාත්මක කල්ලියක් විසින් ඉවත් කර ගෙන යාම සම්බන්ධයෙන් මාලිම්බඩ පොලිස් ස්ථානය දැනුම්වත් වී තිබේද;
(ii) මේ සම්බන්ධයෙන් 2020.06.16 දින අංක C.I.B. (2) 332/125 යටතේ මාලිම්බඩ පොලිස් ස්ථානය වෙත කරන ලද පැමිණිල්ල පිළිබඳව විධිමත් පරික්ෂණයක් සිදු කර තිබේද;
(iii) එසේ නම්, මේ වනවිට එම පරීක්ෂණයේ ප්‍රගතිය කවරේද;
(iv) එම සුසාන භූමියේ භූමදානය කර ඇති මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු අතුරුදහන්වීම වැළැක්වීම සඳහා ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-06-08
අසන ලද්දේ
ගරු එම්. එස්. තවුෆික් මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහජන ආරක්ෂක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:
* Answer tabled:
(අ) (i) ඔව්.
(ii) ඔව්.
(iii) මේ සම්බන්ධයෙන් පැමිණිලිකරු විසින් නැවත 2020.08.16 දින අංක CIB (1) 355/72 යටතේ පොලිස් ස්ථානයට පැමිණ ප්‍රකාශයක් ලබා දෙමින් ඔහු විසින් කරන ලද පැමිණිල්ලට අදාළව සැකකරුවන් කිසිවෙකු අනාවරණය නොවන බැවින් පැමිණිල්ල සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අවශ්‍ය නොවන බවට සඳහන් කරමින් ප්‍රකාශයක් ලබා දී ඇත.
(iv) * පොලිස් ස්ථානයේ බුද්ධි අංශ නිලධාරින් ප්‍රදේශයේ ආවේක්ෂණ රාජකාරි යොදවා මෙවැනි ක්‍රියා සිදුවන්නේද? එවැනි පුද්ගලයින් කවුරුන්ද යන්න තොරතුරු අනාවරණය කර ගැනීමට කටයුතු කර ඇත.
* මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් විමසිලිමත්ව සිට නීති විරෝධි ක්‍රියා සිදුවන්නේ නම් දැනුම් දීමට එම ග්‍රාම නිලධාරි වසමේ මහජන ආරක්ෂක කමිටු නිලධාරින් දැනුවත් කර ඇත.
* අදාළ ප්‍රදේශවල ජීවත් වන මුස්ලිම් ප්‍රජාව සහ සිංහල ප්‍රජාව දැනුවත් කර මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටීමටත්, යම් නීති විරෝධී ක්‍රියාවක්, කඩාකප්පල්කාරි ක්‍රියා සිදුවන්නේ නම් අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානය ඇතුළු ආරක්ෂක අංශ වෙත කඩිනමින් තොරතුරක් සපයන ලෙසට මහජන ආරක්ෂක කමිටු හා තොරතුරුකරුවන් දැනුවත් කරන ලෙසට උපදෙස් ලබාදී ඇත.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2023-06-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ටිරාන් අලස් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks