04

E   |     |  

 දිනය: 2012-08-22   පිළිතුර ලබා දී ඇත 

2350/2012: ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය : පෙර පාසල් ගුරු පුහුණු පාඨමාලා

2350/’12

 

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා,— ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යතුමාගෙන්  ඇසීමට,—

(අ)         (i)      2011 වර්ෂය වනවිට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යංශය     යටතේ ලියාපදිංචිය ලබා ඇති පෙර පාසල් ගුරු පුහුණු පාඨමාලාවන් කවරේද;

(ii) එම පාඨමාලාවන් පවත්වනු ලබන ආයතනවල නම් සහ ලිපිනයන් කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යංශය යටතේ ලියාපදිංචි පෙර පාසල් ගුරු පුහුණු පාඨමාලාවක් හදාරා ඇති පෙර පාසල් ගුරුවරු සංඛ්‍යාව එක් එක් පළාත හෝ දිස්ත්‍රික්කය අනුව, වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑ‍සේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-08-22

අසන ලද්දේ

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ළමා සංවර්ධන හා කාන්තා කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු තිස්ස කරල්ලියද්ද මහතා (ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යතුමා)

(மாண்புமிகு திஸ்ஸ கரல்லியத்த - சிறுவர் அபிவிருத்தி, மகளிர் அலுவல்கள்  அமைச்சர்)

(The Hon. Tissa Karalliyadde - Minister of Child Development and Women’s Affairs)

ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මා සභාගත* කරනවා.

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

(අ)            (i)      ඇමුණුම් 01හි දැක්වේ.

               (ii)      ඇමුණුම් 01 හි දැක්වේ.

(ආ) මුළු සංඛ්‍යාව 6002යි.  විස්තර ඇමුණුම් 02 හි දැක්වේ.

(ඇ) පැන නොනඟී.

ඇමුණුම 01

ඇමුණුම 02

 

 

පිළිතුරු දුන් දිනය

2012-11-14

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු තිස්ස කරල්ලියද්ද මහතා, පා.ම. මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks