පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3231/2023
ගරු නිරෝෂන් පෙරේරා මහතා,— ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2023 වර්ෂයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලද විදේශීය ධීවර යාත්‍රා සංඛ්‍යාව කොපමණද;
(ii) එම යාත්‍රා ලියාපදිංචි රටවල් කවරේද;
(iii) එහිදී අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවට නීති විරෝධි ලෙස ධීවර යාත්‍රා ඇතුළුවීම වැළැක්වීම සඳහා අදාළ වන නිර්දේශ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් රජයට ඉදිරිපත් කර තිබේද;
(ii) එසේ නම්, එම නිර්දේශ කවරේද;
(iii) ඒ අතරින් මේ වනවිට ක්‍රියාත්මක නොකරන ලද නිර්දේශ කවරේද;
(iv) එම නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමට හේතු කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-09-05
අසන ලද්දේ
ගරු නිරෝෂන් පෙරේරා මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආරක්ෂක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) විදේශීය ධීවර යාත්‍රා 13කි.
(ii) එම යාත්‍රා ලියාපදිංචි රට වන්නේ ඉන්දියාවයි.
(iii) පුද්ගලයන් ගණන 84යි.
(ආ) (i) ඔව්, නාවික හමුදාවේ නිර්දේශ ආරක්ෂක අමාත්‍යාංශය හරහා අදාළ අනෙකුත් අමාත්‍යාංශ/ආයතන වෙත ඉදිරිපත් කර ඇත.
(ii) • ඉන්දීය ධීවරයන් ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සඳහා යෙදවීම තුළින් ඔවුන් විසින් ශ්‍රී ලංකා මුහුදු තීරය ආක්‍රමණය කරමින් සිදු කරන මසුන් ඇල්ලීම නැවැත්වීම.
• 2018 අංක 1 දරන ධීවර (විදේශීය ධීවර බෝට්ටු විධිමත් කිරීමේ) (සංශෝධන) පනතේ විධිවිධාන සම්පූර්ණයෙන් බලාත්මක කිරීමත්, එහි අඩුපාඩු ඇත්නම් නව අණ පනත් සැකසීම.
• ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වන දිනයන් හිදී ඉන්දීය වෙරළාරක්ෂක නෞකා ඉන්දීය-ශ්‍රී ලංකා දේශ සීමා ආසන්නයේ දියත් කිරීම.
• නීති විරෝධීව මසුන් ඇල්ලීම සඳහා ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වන ඉන්දීය ධීවර යාත්‍රා අත්අඩංගුවට ගැනීම සහ පවතින ධීවර අණ පනත් අනුවඑම යාත්‍රා රාජසන්තක කිරීම.
• මේ සඳහා සුබවාදී ආකල්පයෙන් යුතු විසඳුමක් ඉන්දියානු බලධාරින් විසින් ක්‍රියාත්මක කිරීම.
(iii) ඉහත ඉදිරිපත් කරන ලද නිර්දේශ එක් එක් ආයතන/අමාත්‍යාංශය විසින් වෙන් වෙන්ව තනිව ක්‍රියාත්මක කළ නොහැකි අතර, එකී නිර්දේශ ක්‍රියාත්මක කිරිම සම්බන්ධව කටයුතු කර ඇත්තේ සියලු ආයතන/අමාත්‍යාංශ එක්ව සාමූහික වශයෙනි. එම නිසා නිර්දේශ සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොකළ නිර්දේශ වෙන්කොට දැක්වීමට නොහැක. කෙසේ වුවද එකී නිර්දේශ සම්බන්ධයෙන් මේ වන විට ගෙන ඇති පියවර පහත පරිදි වේ.
1. ඉන්දීය ධීවර යාත්‍රා මඟින් ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ අඛණ්ඩව මසුන් ඇල්ලීම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සබැඳිව විදේශ කටයුතු අමාත්‍යාංශය, ධීවර අමාත්‍යාංශය, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය, ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව, රාජ්‍ය බුද්ධි සේවාව සහ යුද්ධ හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය යන ආයතන වෙතින් අදහස්/යෝජනා/උපදෙස් ලබා ගෙන ඒ අනුව සකස් කරන ලද විශේෂ වාර්තාව 2022 ජනවාරි මස ජාතික ආරක්ෂක කවුන්සලය වෙත ඉදිරිපත් කර ඇත. ඒ අනුව එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ වගකීම ඒ හා සබැඳි ආයතන වෙත පැවරී ඇත.
2. මෙරට නාවික කටයුතුවලට අදාළ වැදගත් තොරතුරු රැස් කිරීම විශ්ලේෂණය හා හුවමාරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයෙහි තොරතුරු හුවමාරු මධ්‍යස්ථානයක් -Information Fusion Centre - IFC එකක් - ස්ථාපිත කර ඇත. එමඟින් මෙරට මුහුදු සීමාවෙහි නිරීක්ෂණ කටයුතු සිදු කරමින් මුහුදු සීමාව සඳහා තර්ජනයන් විය හැකි ක්‍රියාකාරකම් හඳුනාගෙන එම තොරතුරු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය පාර්ශ්ව වෙත ලබා දීම සිදු කරයි.
3. ශ්‍රී ලංකා මුහුදු තීරයේ අනවසර ධීවර කටයුතුවල යෙදීම හේතුවෙන් අත්අඩංගුවට ගනු ලබන ඉන්දීය ධීවර යාත්‍රා නිදහස් කිරීමේදී ඇතිවන ගැටලුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් නාවික හමුදා මූලස්ථානය වෙතින් ඉදිරිපත් කර ඇති නිර්දේශ ධීවර අමාත්‍යාංශය වෙත යොමු කර ඇති අතර, ධීවර අමාත්‍යාංශය ඒ පිළිබඳව අධිකරණ අමාත්‍යාංශය සහ අධිකරණ සේවා කොමිෂන් සභාවේ අවධානයට යොමු කර සුදුසු විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇති බව නිරීක්ෂණය වේ.
(iv) පැන නොනඟී.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2023-09-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks