පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2346/’12
ගරු අකිල විරාජ් කාරියවසම් මහතා,— ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ළමා දිවාසුරැකුම් මධ්‍යස්ථාන ලියාපදිංචිය කළ යුතු ආයතනය කවරේද;
(ii) 2000, 2005 සහ 2010 වර්ෂවලදී එම ආයතනය යටතේ ලියාපදිංචි වී ඇති ළමා දිවාසුරැකුම් මධ්‍යස්ථාන සංඛ්‍යාව, ඒවාට අදාළ ළමුන් සංඛ්‍යාව, පාලිකාවන් සංඛ්‍යාව සහ සහායිකාවන් සංඛ්‍යාව දිස්ත්‍රික්ක මට්ටමින්, වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-08-24
අසන ලද්දේ
ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ළමා සංවර්ධන හා කාන්තා කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු තිස්ස කරල්ලියද්ද මහතා (ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යතුමා)
(மாண்புமிகு திஸ்ஸ கரல்லியத்த - சிறுவர் அபிவிருத்தி, மகளிர் அலுவல்கள் அமைச்சர்)
(The Hon. Tissa Karalliyadde - Minister of Child Development and Women’s Affairs)
ගරු කථානායකතුමනි, මා එම පිළිතුර සභාගත* කරනවා.
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) නිශ්චිත ආයතනයක් නැත. එහෙත් දැනට පහත සඳහන් ආයතන විසින් ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන ලියා පදිංචි කරනු ලබයි.
1. පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව
2. ප්‍රාදේශීය ලේකම් කාර්යාල
(ii) එම ආයතන අතරින් අමාත්‍යාංශයට සෘජුවම තොරතුරු ලබා ගත හැක්කේ ප්‍රාදේශීය ලේකම් කාර්යාවලින් පමණි. ඒ අනුව සිදු කළ විමසීමේදී 14.11.2012 දිනට ලැබී ඇති තොරතුරු දිස්ත්‍රික්ක මට්ටමින් වෙන් වෙන්ව ඇමුණුමෙහි සටහන් කර ඇත.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2012-11-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගරු තිස්ස කරල්ලියද්ද මහතා, පා.ම. මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks