පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2341/’12
ගරු සජිත් ප්‍රේමදාස මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) “මහින්ද චින්තන - ඉදිරි දැක්ම” ප්‍රතිපත්ති මාලාව මගින් මත්පැන්, මත්ද්‍රව්‍ය හා මත්ගතිය ඇති කරන ඖෂධ වර්ග භාවිතයන්ට තරුණ තරුණියන් යොමු වීම වැළැක්වීම සඳහා දීප ව්‍යාප්ත වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පොරොන්දුවක් ලබා දී ඇති බව එතුමා දන්නෙහිද?
(ආ) මේ වනවිට එම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත්නම්, එහි ප්‍රගතිය කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-11-29
අසන ලද්දේ
ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍ය කාර්යාලය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතා (බුද්ධ ශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍යතුමා)
(மாண்புமிகு எம்.கே.ஏ.டி.எஸ். குணவர்தன - பெளத்த சாசன, மத அலுவல்கள் பிரதி அமைச்சர்)
(The Hon. M.K.A.D.S. Gunawardana - Deputy Minister of Buddha Sasana and Religious Affairs)
ගරු කථානායකතුමනි, අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.
(අ) ඔව්.
(ආ) මහින්ද චින්තන ඉදිරි දැක්මට අනුව මතට තිත වැඩසටහන රාජ්‍ය හා ස්වේච්ඡා සංවිධාන ආයතනිකව හා දීප ව්‍යාප්තව සිදු කරන ලද්දකි. ඒ සඳහා අතිගරු ජනාධිපතිතුමා එම සියලු ආයතන වෙත නියෝග ලබා දී ඇති අතර, අවශ්‍ය අවස්ථාවන්හිදී ප්‍රතිපාදන ලබා දී ඇත. බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය යටතේ පිහිටුවන ලද ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය මඟින් සිදු කළ වැඩසටහන්වල ප්‍රගතිය පමණක් මේ සමඟ ඉදිරිපත් කරමි.
වැඩසටහනේ නම වැඩසටහන් ගණන
1. දහම් පාසැල් ගුරුපුහුණු වැඩසටහන් 82
2. විද්‍යාපීඨ වැඩසටහන් 35
3. පෙරහැර සමගාමී වැඩසටහන් 26
4. මත්ද්‍රව්‍ය නිවාරණ ධර්මදේශනා 250
5. පාසැල් දරුවන් සඳහා වැඩසටහන් 46
6. මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ භික්ෂු වැඩසටහන් 14
7. නීතිය ක්‍රියාත්මක කරන නිලධාරින් දැනුවත් කිරීමේ 16
වැඩසටහන් (පොලිස් නිලධාරින්)
8. විශේෂිත වෘත්තිකයින් (මාධ්‍යවේදීන්,
නීතිවේදීන්, කලාවේදීන්) 21
9. රාජ්‍ය නිලධාරින් (ක්ෂේත්‍ර නිලධාරින්) 92
10. බන්ධනාගාර නිලධාරින් හා රැඳවියන් 16
11. අධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන් 22
12. නගර දැනුවත් කිරීම හා නීතිය ක්‍රියාත්මක කිරීම
(වැටලීම් මඟින් රජයට ලබාදුන් ආදායම් -
රු. ලක්ෂ 10) 56
13. විශේෂිත අවස්ථා සඳහා ක්‍රියාකාරකම්
(වෙසක්, පොසොන් පෙරහැර ආදී) 29
(ඇ) ඉහත (ආ) අනුව පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2012-11-29
විසින් පිළිතුරු දෙන ලදී
ගරු එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks