01

E   |     |  

 දිනය: 2023-12-08   පිළිතුර ලබා දී ඇත 

3110/2023: Transportation issues in Nedundivu island

3110/2023

ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා,—  ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)   යාපනය, නෙඩුන්තීවු දූපතේ ඇති මාර්ගවල මුළු දිග කොපමණද;

              (ii)   එම දූපතේ පදිංචි වී සිටින ජනතාවගේ ප්‍රවාහන පහසුකම් සපුරාලීමට ප්‍රමාණවත් විධිමත් බස්රථ සේවාවන් ක්‍රියාත්මක වන්නේද;

             (iii)   එම දූපතේ මේ වනවිට ධාවනය කරනු ලබන බස්රථ සංඛ්‍යාව කොපමණද;

(iv) එම බස්රථ ධාවනය කරනු ලබන මාර්ගවල නම් කවරේද;‍

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ඉහත දූපතේ පදිංචි ජනතාවගෙන් සැලකිය යුතු පිරිසකට ප්‍රවාහන පහසුකම් නොමැති බව දන්නේද;

(ii) එම ජනතාවගේ ප්‍රවාහන පහසුකම් සම්බන්ධයෙන් අවධානය යොමු නොකිරීමට හේතු කවරේද;

(iii) මෙම ජනතාව මුහුණ දෙනු ලබන ප්‍රවාහන අපහසුතා සඳහා විසඳුම් ලබා දෙනු ලබන දින වකවානු කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-12-08

අසන ලද්දේ

ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා මහාමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks