01

E   |     |  

 දිනය: 2023-09-20   පිළිතුර ලබා දී ඇත 

3108/2023: නෙඩුන්තීවු දූපත: පශු සම්පත්

3108/2023

ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා,—  කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       යාපනය, නෙඩුන්තීවු දූපතේ මේ වනවිට සිටින ගවයින් සංඛ්‍යාව කොපමණද;

    (ii)        නෙඩුන්තීවු දූපතෙහි පශු සම්පත් ගහනය එක් එක් සත්ව වර්ගය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

  (iii)        එම සතුන්ගේ ආහාර හා ජල අවශ්‍යතා සපුරාලනු ලබන ආකාරය කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) නෙඩුන්තීවු දූපතෙහි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලයක් ස්ථාපිතකර තිබේද;

(ii) නෙඩුන්තීවු දූපත සඳහා ස්ථීර පශු වෛද්‍යවරයෙක් පත් කර තිබේද;

(iii) නොඑසේ නම්, ඊට හේතු කවරේද;

(iv) එම දූපත සඳහා ස්ථීර පශු වෛද්‍යවරයෙකු පත් කරනු ලබන දිනය කවරේද;

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-09-20

අසන ලද්දේ

ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:

* Answer tabled:

 

(අ)           (i)      5,792කි.

              (ii)      නෙඩුන්තීවු දූපතෙහි පශු සම්පත් ගහනය

සත්ත්ව වර්ගය

සතුන් සංඛ්‍යාව

ගවයින්

5,792

එළුවන්

3,372

ගෘහාශ්‍රිත කුකුළන්

6,275

 

 

 

 

 

 

(iii) ·   නිදැලි කළමනාකරණ ක්‍රමය යටතේ මෙම සතුන් ඇති කරයි.

· ස්වාභාවික ජල මූලාශ්‍ර මඟින් මෙම සතුන්ගේ ජල අවශ්‍යතාව සපුරා ගනී.

· නියං කාලයන්වලදී ඩෙල්ෆ්ට් ප්‍රාදේශීය සභාව මඟින් මෙම සතුන් සඳහා ජලය ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ.

(ආ) (i) ඔව්.

(ii) ඔව්.

(iii) පැන නොනඟී.

(iv) පැන නොනඟී.

(ඇ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2023-09-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks