01

E   |     |  

 දිනය: 2023-06-22   පිළිතුර ලබා දී ඇත 

3105/2023: Appointment of Teaching Assistants in Estate Schools

3105/2023

ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා,—  අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)    (i)      වතු  පාසල් පදනම් කර ගනිමින් ලබා දී ඇති ගුරු සහායක තනතුරු සංඛ්‍යාව කොපමණද;

              (ii)      එම පත්වීම් ලබා දෙන ලද පදනම කවරේද;

             (iii)      ඒවා ලබා දෙන ලද පළාත් කවරේද;

             (iv)      ඒවා ලබා දෙන ලද දිනය කවරේද;

(v) ඔවුන් පිහිටුවන ලද මාසික වැටුප් පරිමාණය කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) ඉහත සඳහන් ගුරු සහායකයන් අතරින් මේ වනවිට අවුරුදු දෙකක ගුරු අභ්‍යාස පුහුණු පාඨමාලාව හදාරා ඇති සංඛ්‍යාව කොපමණද;

 

(ii) එම ගුරු සහායකයන් ස්ථිර ගුරු සේවය සඳහා අන්තර්ග්‍රහණය නොකිරීමට හේතු කවරේද;‍

(iii) ඔවුන් ස්ථිර ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරනු ලබන දිනය කවරේද;‍

(iv) ගුරු සහායක පත්වීම් ලබා දෙන ලද දිනය, ඔවුන්ගේ ගුරු සේවයේ මුල් පත්වීම් දිනය ලෙස සැළකීමට කටයුතු කරන්නේද;

(v) ගුරු සහායක තනතුරේ සේවා කාලය, ඔවුන්ගේ ගුරු සේවයේ සේවා කාලය සඳහා එකතු කරන්නේද;

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේනම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-06-22

අසන ලද්දේ

ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks