01

E   |     |  

 දිනය: 2012-11-22   පිළිතුර ලබා දී ඇත 

2334/2012: සම්ප්‍රදායික දේශීය වෛද්‍යවරුන් : විශ්‍රාම වැටුප් ක්‍රමයක්

2334/’12

 

ගරු සජිත් ප්‍රේමදාස මහතා,— දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      “මහින්ද චින්තන - ඉදිරි දැක්ම” ප්‍රතිපත්ති මාලාව යටතේ සම්ප්‍රදායික දේශීය වෛද්‍යවරුන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීමට යෝජනා කර තිබූ  බව එතුමා දන්නෙහිද?

(ආ)        (i)       මේ වන විට එම විශ්‍රාම වැටුප් වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන්නේද;

(ii) එසේ නම්, එහි ප්‍රතිලාභීන් සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-11-22

අසන ලද්දේ

ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.

අමාත්‍යාංශය

දේශීය වෛද්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු සාලින්ද දිසානායක මහතා (දේශීය වෛද්‍ය  අමාත්‍යතුමා)

(மாண்புமிகு சாலிந்த திசாநாயக்க - சுதேச மருத்துவத்துறை அமைச்சர்)

(The Hon. Salinda Dissanayake - Minister of Indigenous Medicine)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.

(අ)       ඔව්.

(ආ)         (i)      ඔව්.

ආයුර්වේද දෙපාර්තමේන්තුව හා ආයුර්වේද වෛද්‍ය සභාව හා එක්ව සමාජ ආරක්ෂණ මණ්ඩලය මඟින් මෙම විශ්‍රාම වැටුප් වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරනු ලැබේ. එය "හෙළ වෙද රැකවරණ" විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ලෙස නම් කර ඇත.

තම ජීවිත කාලයම ජනතා‍ව වෙනුවෙන් කැප කොට ජාතික මෙහෙවරක යෙදෙන දේශීය වෛද්‍යවරුන් ඔවුන්ගේ සැඳෑ සමය එළඹෙන කල්හි වයෝ වෘද්ධ වී හෝ ආබාධිත තත්ත්වයට පත් වූ විට ඔවුන්ට ස්ථිර රැකවරණයක් ආරක්ෂාවක් නොමැති වුවහොත් එම අය අසරණ තත්ත්වයටත්, හුදකලා තත්ත්වයටත් පත් වීම නොවැළැක්විය හැකිය. මෙම තත්ත්වයෙන් ඔවුන් මුදවා ගෙන යම් කිසි මූල්‍ය රැකවරණයක් සැලසීම මෙම "හෙළ වෙද රැකවරණ" විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයේ අරමුණ වේ.

මාසිකව වාරික වශයෙන් ගෙවීම මඟින්, එකවර නිශ්චිත මුදල ගෙවීම මඟින් හෝ සමාන වාරික 4කින් වර්ෂයක් තුළ ගෙවීම මඟින් මෙම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය සඳහා දායක මුදල් ගෙවිය හැකි අතර වයස අවුරුදු 18-59 වයස් කාණ්ඩයන්වල ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියා පදිංචිය ලබා ඇති දේශීය වෛද්‍යවරුන් මෙම යෝජනා ක්‍රමයට දායක කර ගනු ලැබේ.

(ii) 2006.01.01 සිට 2012.11.01 දක්වා විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට දායක වී ඇති සංඛ්‍යාව 1181   

2006.01.01 සිට 2012.11.01 දක්වා විශ්‍රාම වැටුප් ලබා ගන්නා ප්‍රතිලාභීන් සංඛ්‍යාව       89

   2006.01.01 සිට 2012.11.01 දක්වා මරණ පාරිතෝෂික ලබා දී ඇති ප්‍රතිලාභීන් සංඛ්‍යාව        09

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2012-11-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සාලින්ද දිසානායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks