Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Engage with your Parliament by logging in
2334/’12
Hon. Sajith Premadasa,— To ask the Minister of Indigenous Medicine,—
(a) Is he aware that it had been proposed under the ‘Mahinda Chinthana – A vision for the future’ manifesto to introduce a pension scheme for traditional indigenous doctors ?
(b) Will he inform this House—
(i) whether the aforesaid pension scheme is being implemented at present; and
(ii) if so, the number of beneficiaries of the aforesaid pension scheme ?
(c) If not, why ?
Asked Date
2012-11-22
Asked by
Hon. Sajith Premadasa, M.P.
Ministry
Indigenous Medicine
Legislature
Seventh Parliament of the D.S.R. of Sri Lanka
Session
First Session
ගරු සාලින්ද දිසානායක මහතා (දේශීය වෛද්‍ය අමාත්‍යතුමා)
(மாண்புமிகு சாலிந்த திசாநாயக்க - சுதேச மருத்துவத்துறை அமைச்சர்)
(The Hon. Salinda Dissanayake - Minister of Indigenous Medicine)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.
(අ) ඔව්.
(ආ) (i) ඔව්.
ආයුර්වේද දෙපාර්තමේන්තුව හා ආයුර්වේද වෛද්‍ය සභාව හා එක්ව සමාජ ආරක්ෂණ මණ්ඩලය මඟින් මෙම විශ්‍රාම වැටුප් වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරනු ලැබේ. එය "හෙළ වෙද රැකවරණ" විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ලෙස නම් කර ඇත.
තම ජීවිත කාලයම ජනතාව වෙනුවෙන් කැප කොට ජාතික මෙහෙවරක යෙදෙන දේශීය වෛද්‍යවරුන් ඔවුන්ගේ සැඳෑ සමය එළඹෙන කල්හි වයෝ වෘද්ධ වී හෝ ආබාධිත තත්ත්වයට පත් වූ විට ඔවුන්ට ස්ථිර රැකවරණයක් ආරක්ෂාවක් නොමැති වුවහොත් එම අය අසරණ තත්ත්වයටත්, හුදකලා තත්ත්වයටත් පත් වීම නොවැළැක්විය හැකිය. මෙම තත්ත්වයෙන් ඔවුන් මුදවා ගෙන යම් කිසි මූල්‍ය රැකවරණයක් සැලසීම මෙම "හෙළ වෙද රැකවරණ" විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයේ අරමුණ වේ.
මාසිකව වාරික වශයෙන් ගෙවීම මඟින්, එකවර නිශ්චිත මුදල ගෙවීම මඟින් හෝ සමාන වාරික 4කින් වර්ෂයක් තුළ ගෙවීම මඟින් මෙම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය සඳහා දායක මුදල් ගෙවිය හැකි අතර වයස අවුරුදු 18-59 වයස් කාණ්ඩයන්වල ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියා පදිංචිය ලබා ඇති දේශීය වෛද්‍යවරුන් මෙම යෝජනා ක්‍රමයට දායක කර ගනු ලැබේ.
(ii) 2006.01.01 සිට 2012.11.01 දක්වා විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට දායක වී ඇති සංඛ්‍යාව 1181
2006.01.01 සිට 2012.11.01 දක්වා විශ්‍රාම වැටුප් ලබා ගන්නා ප්‍රතිලාභීන් සංඛ්‍යාව 89
2006.01.01 සිට 2012.11.01 දක්වා මරණ පාරිතෝෂික ලබා දී ඇති ප්‍රතිලාභීන් සංඛ්‍යාව 09
(ඇ) අදාළ නොවේ.
Answered Date
2012-11-22
Answered by
Hon. Salinda Dissanayake, M.P.
Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Copyright © The Parliament of Sri Lanka.
All Rights Reserved.
Design & Developed by TekGeeks