බලන්න

04

E   |     |  

 දිනය: 2012-11-17   පිළිතුර ලබා දී ඇත 

2329/2012: වෑකන්ද වැව: ප්‍රතිසංස්කරණය

2329/’12

 

ගරු සජිත් ප්‍රේමදාස මහතා,— ගොවිජන සේවා හා වනජීවී අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       රිදීමාලියද්ද ප්‍රාදේශීය‍ ලේකම් කොට්ඨාසයට අයත්, ඉකිරියගොඩ ග්‍රාම නිලධාරී වසමේ පිහිටි වෑකන්දවැව සද්ධාතිස්ස රජු දවසේ සිට මේ වන තෙක් තෝරපලා ඔයෙන් පෝෂණය වූ බවත්;

  (ii)  අඩි 50ක් උසැති, කිලෝ මීටර් 1ක් දිගැති වැව් බැම්මකින් සහ අක්කර 500 ක වපසරියකින් සමන්විත එම වැව තුළ අනවසරයෙන් අක්කර 25ක කුඹුරු යායක් පෝෂණය කිරීමට ඉඩදීම හේතුවෙන් ගොවි පවුල් 800කගේ ජීවිත අසරණභාවයට පත්ව ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ)  (i)  ඉහත සඳහන් පරිදි වැව තුළ ඇති අනවසර වගාකිරීම් ඉවත්කර  වෑකන්දවැව ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරන්නේද;

  (ii)  එසේ නම්, එම ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීමට ගතවන කාලය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-11-17

අසන ලද්දේ

ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.

අමාත්‍යාංශය

----

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු එස්.එම්. චන්ද්‍රසේන මහතා

(மாண்புமிகு எஸ்.எம். சந்திரசேன) 

(The Hon. S.M. Chandrasena)

ගරු කථානායකතුමනි, ගොවිජන සේවා හා වනජීවී අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුරු දෙනවා. 

(අ)          (i)       ‍තෝරපලා ඔයෙන් වෑකන්ද නම් වැවක් පෝෂණය වී නොමැත.

              (ii)       අනවසර වගා කිරීමක් සිදු වී නැත.

(ආ)         (i)       ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වැවක් මේ වන විට එම ස්ථානයේ නොමැත.

              (ii)       අදාළ නොවේ.

(ඇ)   අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2012-11-17

විසින් පිළිතුරු දෙන ලදී

ගරු එස්. එම්. චන්ද්‍රසේන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks