01

E   |     |  

 දිනය: 2012-11-15   පිළිතුර ලබා දී ඇත 

2326/2012: රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය : සායනික පුහුණුව

2326/’12

 

ගරු සජිත් ප්‍රේමදාස මහතා,— උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       2006.09.11 දින ආරම්භ කරන ලද රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය දියුණු කරන බවටත්;         

            (ii)       අනෙකුත් වෛද්‍ය පීඨවල 2005-2006 ශිෂ්‍ය කණ්ඩායම් සමග රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටද සීමාවාසික පත්වීම් ලබාදෙන බවටත්;

ජනාධිපතිතුමා පොරොන්දු වූ බැව් එතුමා දන්නෙහිද?

   (ආ) (i) අනෙකුත් වෛද්‍ය පීඨයන්හි ඇති පහසුකම් රජරට ‍වෛද්‍ය පීඨය තුළද ප්‍රමාණවත් ලෙස  ස්ථාපිත කර තිබේද;

(ii) රජරට වෛද්‍ය පීඨයේ මහාචාර්ය සායනික පුහුණුවට අවශ්‍ය ගොඩනැගිලි ඇතුළු සියලු පහසුකම් මේ වන විට  ස්ථාපිත කර තිබේද;

(iii) 2011 මැයි මස මහාචාර්ය සායනික පුහුණුව සඳහා යොමුකළ යුතුව සිටි සිසුන් සංඛ්‍යාව කොපමණද;

(iv) මේ වන විට ඔවුන්  එම පුහුණුව ආරම්භකර තිබේද;

(v) නොඑසේ නම්, ඒ සඳහා සිසුන් යොමු කිරීමට ගතවන කාලය කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-11-15

අසන ලද්දේ

ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.

අමාත්‍යාංශය

උසස් අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු නන්දිමිත්‍ර ඒකනායක මහතා (උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යතුමා)

(மாண்புமிகு நந்திமித்ர ஏக்கநாயக்க - உயர் கல்வி பிரதி அமைச்சர்)

(The Hon. Nandimithra Ekanayake - Deputy Minister of Higher Education)

ගරු කථානායකතුමනි, උසස් අධ්‍යාපන අමාත්‍යතුමා වෙනුවෙන් මා මෙම  ප්‍රශ්නයට   පිළිතුරු දෙනවා.

(අ)          (i)      ඔව්.

              (ii)      ඔව්.

(ආ)         (i)      ඔව්.

              (ii)      ඔව්.

             (iii)      167.

             (iv)      ඔව්.

             (v) පැන නොනඟී.

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2012-11-15

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු නන්දිමිත්‍ර ඒකනායක මහතා, පා.ම.,  මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks