E   |     |  

 දිනය: 2023-12-07   පිළිතුර ලබා දී ඇත 

2975/2023: රත්නපුර දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්ථාන: සංවර්ධනය

2975/2023

ගරු හේෂා විතානගේ මහතා,— බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      රත්නපුර දිස්ත්‍රික්කයේ ඇති පුරාවිද්‍යාත්මක ස්ථාන සංඛ්‍යාව එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

             (ii)      වර්ෂ 2015 සිට මේ දක්වා එම ස්ථාන  සංවර්ධනය  කිරීම සඳහා  වැය කර ඇති මුදල කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-12-07

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      පුරාවිද්‍යාත්මක ස්ථාන 127කි. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අනුව පහත දක්වා ඇත.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

පුරාවිද්‍යාත්මක ස්ථාන සංඛ්‍යාව

රත්නපුර

25

කුරුවිට

08

ඇලපාත

02

ඇහැලියගොඩ

04

පැල්මඩුල්ල

11

කහවත්ත

02

ගොඩකවෙල

09

ඉඹුල්පේ

11

අයගම

03

ඇඹිලිපිටිය

14

කලවාන

01

බලංගොඩ

05

ඕපනායක

01

කොලොන්න

07

කිරිඇල්ල

02

වැලිගෙපොල

17

නිවිතිගල

00

කල්තොට

05

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

(ii) ඔව්. වියදම් කර ඇති මුදල රුපියල් 11,438,953කි.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2023-12-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු විදුර වික්‍රමනායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks