01

E   |     |  

 දිනය: 2023-10-04   පිළිතුර ලබා දී ඇත 

2973/2023: සිසුන් 200ට අඩු රජයේ පාසල්: විස්තර

2973/2023

ගරු හේෂා විතානගේ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)           (i)     සිසුන් 200ට අඩු සංඛ්‍යාවක් ඉගෙනුම ලබන රජයේ පාසල් සංඛ්‍යාව කොපමණද;    

              (ii)      එම පාසල්වල නම් කවරේද;

           (iii)      එම පාසල් වැසීයාමේ තර්ජනයක් මතු වී තිබෙන බව දන්නේද;

(iv) එසේ නම්, ඒ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-10-04

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:

* Answer tabled:

 

(අ)            (i)      සිසුන් 200ට අඩු සංඛ්‍යාවක් ඉගෙනුම ලබන රජයේ පාසල් සංඛ්‍යාව 4,901කි. 

පළාත

සිසුන් 200ට අඩු පාසල් සංඛ්‍යාව

බස්නාහිර පළාත

  445

වයඹ පළාත

  610

සබරගමුව පළාත

  621

ඌව පළාත

  485

මධ්‍යම පළාත

  818

දකුණු පළාත

  530

උතුරු මැද පළාත

  408

උතුරු පළාත

  615

නැ‍ඟෙනහිර පළාත

  569

එකතුව

5101

(ii) එම පාසල්වල නම් ඇමුණුම** මගින් ඉදිරිපත් කර ඇත.

(iii) උපත් අනුපාතය පහළ යෑම හේතුවෙන් පෝෂක ප්‍රදේශයේ අදාළ වයස් සීමාවේ දරුවන් නොමැති වීම, දෙමව්පියන් විසින් සිසුන් ග්‍රාමීය පාසල්වලින් ජනප්‍රිය පාසල් වෙත යොමු කිරීම, ප්‍රවාහන අපහසුතා සහ යටිතල පහසුකම් අවම වීමෙන් පාසල්හි ගුරුවරුන් රඳවා ගැනීමට අපහසු වීම මත ගුරු පුරප්පාඩු ඇති වීම වැනි හේතු මත ඇතැම් පාසල් වැසී යෑමේ තර්ජනයකට මුහුණ පා ඇති බව නිරීක්ෂණය වේ.‍

(iv) ගුණාත්මකභාවයෙන් යුත් කාර්යක්ෂම පාසලක් පවත්වාගෙන යෑමට රුකුලක් වන ප්‍රමාණවත් ශිෂ්‍ය සංඛ්‍යාවක් නොසිටීම නිසා වැසී යෑමේ තර්ජනයක් මතු වී ඇති පාසල් රැක ගැනීම සඳහා එවැනි පාසල් නැවත ප්‍රතිව්‍යුහගත කිරීම, ආසන්න ප්‍රධාන පාසල්වලට අනුබද්ධ කිරීම, ගුරු පුරප්පාඩු ඇති පාසල්වල පුරප්පාඩු පිරවීම වැනි ක්‍රියාමාර්ග මෙහිදී අප විසින් ගෙන ඇත‍.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පරිපාලන ප්‍රතිසංස්කරණ අනුව පාසල් පර්ෂද 1,250ක් පිහිටුවීමට යෝජිතය. ඉහත පාසල් සියල්ලම පර්ෂදගත කරනු ලැබේ. එමගින් විසඳුමක් ලබා දීමට අපේක්ෂිතයි.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2023-10-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks