01

E   |     |  

 දිනය: 2023-05-24   පිළිතුර ලබා දී ඇත 

2968/2023: Elected member details to SL Cricket board

2968/2023

ගරු හේෂා විතානගේ මහතා,— ක‍්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      වර්ෂ 2015  සිට මේ දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණ පවත්වන ලද දින කවරේද;

             (ii)      එම එක් එක් නිලවරණයෙන් ජයග්‍රහණය කර අදාළ තනතුරුවලට පත් වූ එක් එක් පුද්ගලයාගේ නම, ලිපිනය හා තනතුරු නාමය වෙන් වෙන් වශයෙන්  කවරේද;

(iii) එම පුද්ගලයන්ට ගෙවන ලද වැටුප් හා දීමනා සහ ලබා දෙන ලද ඉන්ධන හා වෙනත් පහසුකම් වෙනුවෙන් දරන ලද වියදම එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) එම පුද්ගලයන් වෙනුවෙන් දරන ලද ඉහත වියදම්වලට සාපේක්ෂව ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනය උදෙසා ඔවුන්ගෙන් ලැබී ඇති දායකත්වය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-05-24

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

ක්‍රීඩා හා යෞවන කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks