පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2318/’12
ගරු රවී කරුණානායක මහතා,— ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) 2011 වර්ෂයට අදාළව,
(i) නිවාස ඉදිකිරීම වෙනුවෙන් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය විසින් වැය කර ඇති මුදල් ප්‍රමාණය කොපමණද;
(ii) ඉදිකරන ලද නිවාස සංඛ්‍යාව කොපමණද;
(iii) එම නිවාස ඉදිකරනු ලැබ ඇති ස්ථාන කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) 2012 වර්ෂයට අදාළව,
(i) නිවාස සඳහා වෙන් කර ඇති මුදල් ප්‍රමාණය කොපමණද;
(ii) මේ වන විට ඒ සඳහා වැය කර ඇති මුදල් ප්‍රමාණය කොපමණද;
(iii) අලුතින් ඉදිකරන ලද නිවාස පිහිටා ඇති ස්ථාන කවරේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-11-30
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) රුපියල් මිලියන 3,727.4කි.
(ii) නිවාස 26,499කි.
(iii) ආයතනය විස්තරය ජාතික නිවාස සංවර්ධන අධිකාරිය දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවල සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි නිවාස වැඩසටහන් දියත් කිරීමට කටයුතු කර ඇත. නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය
1. සිංහපුර II නිවාස යෝජනා ක්‍රමය, තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ
2. අගුලාන මහල් නිවාස යෝජනා ක්‍රමය 1, මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ඕෂන් විව් ඩිවලොප්මන්ට් සමාගම හෝමාගම, කඩුවෙල, මොරටුව, කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ නිවාස ඉදිකර ඇත.
(ආ) (i) රුපියල් මිලියන 12,472.53කි.
(ii) රුපියල් මිලියන 6,968.091කි.
(iii) ආයතනය විස්තරය ජාතික නිවාස සංවර්ධන අධිකාරිය දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවල සෑම ග්‍රාමසේවා වසමක්ම ආවරණය වන පරිදි නිවාස වැඩසටහන් දියත් කිරීමට කටයුතු කර ඇත. නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය
1. අගුලාන II නිවාස යෝජනා ක්‍රමය මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ
2. ලුනාව නිවාස යෝජනා ක්‍රමය මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ
3. කටුකැලියාව නිවාස යෝජනා ක්‍රමය මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ
4. විසිරි නිවාස යෝජනා ක්‍රමය කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ඕෂන් විව් ඩිවලොප්මන්ට් සමාගම මහර, කොළොන්නාව, හෝමාගම, පාදුක්ක, දඹුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ නිවාස ඉදිකර ඇත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2013-12-13
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ලසන්ත අලගියවන්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks