පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2936/2023
ගරු හෙක්ටර් අප්පුහාමි මහතා,— වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) පුත්තලම දිස්ත්‍රික්කයේ, අඹකැලේ ප්‍රදේශයේ, පොල් පර්යේෂණ ආයතනයට අයත් ජාන සම්පත් මධ්‍යස්ථානයක් තිබෙන බව දන්නේද;
(ii) 2018 වර්ෂයේ සිට මේ දක්වා එම මධ්‍යස්ථානයේ සිටින කිරි ලබා ගත හැකි එළදෙනුන් සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) 2018 වර්ෂයේ සිට මේ දක්වා එම කිරි එළදෙනුන්ගෙන් කිරි ලබා ගෙන නොමැති බව දන්නේද;
(iv) ඒ සඳහා හේතු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉහත මධ්‍යස්ථානයේ කිරි ආදායම නිවැරදිව ගිණුම්ගත කර නොමැති බවට විගණන විමසුම් ඇති බව දන්නේද;
(ii) ඒ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-10-04
අසන ලද්දේ
ගරු හෙක්ටර් අප්පුහාමි මහතා, පා.ම.
අමාත්‍යාංශය
වැවිලි කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:
* Answer tabled:
(අ) (i) ඔව්.
(ii) එළදෙනුන් නොමැත.
(iii) අදාළ නොවේ.
(iv) අදාළ නොවේ.
(ආ) (i) ඔව්.
(ii) ගිණි තණකොළ ඇති බැවින් වල් මර්දනය සහ ජාන සම්පත් මධ්‍යස්ථානයේ පවතින පොල් තවානට ගොම පොහොර ලබා ගැනීම සඳහා දේශීය මී දෙනුන් පමණක් මෙම මධ්‍යස්ථානයේ ඇති කරනු ලබයි. එම සතුන් කිරි ලබා ගැනීම සඳහා මිලදී ගන්නා ලද දෙනුන් නොවන බව විගණනය වෙත දන්වා ඇත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-10-04
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks