01

E   |     |  

 දිනය: 2023-07-20   පිළිතුර ලබා දී ඇත 

2935/2023: පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව: විස්තර

2935/2023

ගරු හෙක්ටර් අප්පුහාමි මහතා,— අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ  අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       පාස්කු ඉරුදින ප්‍රහාරය වැළැක්වීම සඳහා සුදුසු පියවර නොගැනීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නඩු තීන්දුවක් ලබා දී ඇති දිනය කවරේද;

             (ii)       එම නඩු තීන්දුව අනුව වැරදිකරුවන් වී ඇති එක් එක් පුද්ගලයාගේ නම, ලිපිනය හා තනතුර වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) එම එක් එක් පුද්ගලයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව වෙන් වෙන් වශයෙන් කවරේද;

  (iv) එම අධිකරණ තීන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා මේ දක්වා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-07-20

අසන ලද්දේ

ගරු හෙක්ටර් අප්පුහාමි මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      පාස්කු ඉරුදින ප්‍රහාරය වැළැක්වීම සඳහා සුදුසු පියවර නොගැනීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2023.01.12 දින නඩු තීන්දුවක් ලබා දී ඇත.

              (ii)      එම නඩු තීන්දුව මඟින් පහත නම් සඳහන් පුද්ගලයින්ගේ වගකීම් පැහැරහැරීම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග නිකුත් කර ඇත.

නම

ලිපිනය

තනතුර

මෛත්‍රීපාල සිරිසේන මහතා

ආරක්ෂක අමාත්‍යාංශය, 15/5, බාලදක්ෂ මාවත හා නො.61, මලලසේකර මාවත, කොළඹ 07.

හිටපු ජනාධිපති

පූජිත් ජයසුන්දර මහතා

පොලිස් මූලස්ථානය, කොළඹ 01.

හිටපු පොලිස්පති

නිලන්ත ජයවර්ධන මහතා

ආරක්ෂක අමාත්‍යාංශය, 15/5, බාලදක්ෂ මාවත, කොළඹ.

බුද්ධි සේවා ප්‍රධානි

හේමසිරි ප්‍රනාන්දු මහතා

ආරක්ෂක අමාත්‍යාංශය, බාලදක්ෂ මාවත, කොළඹ 03 හා සරණංකර මාවත, පාමංකඩ, කිරුළපන.

හිටපු ආරක්ෂක ලේකම්

සිසිර මෙන්ඩිස් මහතා

ආරක්ෂක අමාත්‍යාංශය, කොළඹ 03.

ජාතික බුද්ධි අංශ ප්‍රධානි

රජය

-

-

(iii) ඉහත නම් සඳහන් එක් එක් පුද්ගලයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය 2023.01.12 දිනැති තීන්දුව මඟින් නිකුත් කර ඇති නියෝගයන් පහත පරිදි වේ.

නම

තීන්දුව

මෛත්‍රීපාල සිරිසේන මහතා

රුපියල් මිලියන 100ක් වන්දි ‍වශයෙන් ගෙවීම.

පූජිත් ජයසුන්දර මහතා සහ නිලන්ත ජයවර්ධන මහතා

රුපියල් මිලියන 75 බැගින් වන්දි වශයෙන් ගෙවීම.

හේමසිරි ප්‍රනාන්දු මහතා

රුපියල් මිලියන 50ක් වන්දි වශයෙන් ගෙවීම.

සිසිර මෙන්ඩිස් මහතා

රුපියල් මිලියන 10ක් වන්දි වශයෙන් ගෙවීම.

රජය

රුපියල් මිලියන 01ක් වන්දි වශයෙන් ගෙවීම.

 

(iv) ඉහත අධිකරණ තීන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා හානිපූරණය සඳහා වන කාර්යාලය විසින් පහත ක්‍රියාමාර්ග ගෙන ඇත.

· වින්දිතයන් සඳහා වන අරමුදලක් "පාස්කු ප්‍රහාරය අප්‍රේල් 2019 - වින්දිත අරමුදල" නමින් ලංකා බැංකුවේ රාජගිරිය ශාඛාවේ 2023.01.19 දින (ගිණුම් අංක 0090167960) ස්ථාපිත කිරීම.

· උක්ත අරමුදලට මූල්‍ය දායකත්වය දක්වන ලෙස පරිත්‍යාගශීලීන්ට හා දායකයන්ට ආරාධනා කිරීම සඳහා ජාතික පුවත්වපත්වල දැන්වීම් 2023.01.29 දින පළ කිරීම. (සිළුමිණ පුවත්පත, වීරකේසරී පුවත්පත, සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත, ලංකාදීප පුවත්පත, තිනකරන් පුවත්පත, ද සන්ඩේ ටයිම්ස් පුවත්පත) සහ 2023.01.26 දින සිට www.reparations.gov.lk ‍වෙබ් අඩවියේ පළ කිරීම.

· වන්දි නොගෙවීම හා අඩුවෙන් ගෙවීම සම්බන්ධව විමර්ශනය කර එම විමර්ශන වාර්තාව නීතිපතිතුමා වෙත 2023.03.14 දිනැතිව යවා ඇත.

· වින්දිතයන් සඳහා වන අරමුදලෙන් මූල්‍යමය වන්දි ප්‍රදානය ගෙවීම සඳහා වින්දිත අරමුදලෙන් මූල්‍යමය සහන ප්‍රදානය කිරීම සඳහා වන යෝජනා ක්‍රමය සකස් කොට ගරු නීතිපතිතුමා වෙත 2023.01.25 දිනැතිව යවා ඇත.

· නඩු තීන්දුව ක්‍රියාත්මක කිරීම පිළිබඳ ප්‍රගතිය 2023.07.05 දිනැතිව ගරු නීතිපතිතුමා වෙත යවා ඇත.

· ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව අනුව අදාළ පාර්ශ්වයන් විසින් වින්දිතයන් සඳහා වූ අරමුදල වෙත 2023.07.12 දින වන විට පහත පරිදි මුදල් බැර කර ඇත.

(ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2023-07-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks