පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2316/’12
ගරු රවී කරුණානායක මහතා,— තැපැල් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) තැපැල් දෙපාර්තමේන්තුවේ සේවක සංඛ්‍යාව කොපමණද;
(ii) මනා ලෙස තැපැල් සේවාවන් ලබාදීම සඳහා අවශ්‍යවන සේවක සංඛ්‍යාව කොපමණද;
(iii) එක් එක් දිස්ත්‍රික්කය සඳහා අවශ්‍යවන තැපැල් දෙපාර්තමේන්තු සේවකයන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) තැපැල් තේරීම් කටයුතු වඩා කඩිනමින් ඉටුකිරීම සඳහා තැපැල් සේවාව ස්වයංක්‍රීයකරණය කළ හැකිද;
(ii) තැපැල් දෙපාර්තමේන්තුවේ තථ්‍ය පිරිවැයට වඩා ආදායම අඩුවීම හේතුවෙන් පසුගිය දෙවර්ෂය තුළ රජයට සිදුවූ අලාභය වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-11-29
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
තැපැල් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු ජීවන් කුමාරණතුංග මහතා (තැපැල් සේවා අමාත්‍යතුමා)
(மாண்புமிகு ஜீவன் குமாரணதுங்க - தபால் சேவைகள் அமைச்சர்)
(The Hon. Jeewan Kumaranatunga - Minister of Postal Services)
ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.
(අ) (i) තැපැල් දෙපාර්තමේන්තුවේ සේවක සංඛ්‍යාව - 2012.09.30 දිනට
|
සේවා මට්ටම |
අනුමත සංඛ්‍යාව |
දැනට සිටින සේවක සංඛ්‍යාව |
පුරප්පාඩු සංඛ්‍යාව |
|
ජ්‍යෙෂ්ඨ මට්ටම |
121 |
84 |
37 |
|
තෘතීයික මට්ටම |
147 |
75 |
72 |
|
ද්විතීයික මට්ටම |
8,856 |
6,780 |
2,076 |
|
ප්‍රාථමික මට්ටම |
12,870 |
11,978 |
892 |
|
එකතුව |
21,994 |
18,917 |
3,077 |
|
(ලියා පදිංචි ආදේශක - දෛනික වැටුප් සේවය කළ දිනට ගෙවීමේ පදනම මත) |
4,788 |
4,788 |
0 |
|
මුළු එකතුව |
26,782 |
23,705 |
3,077 |
(ii) මනා ලෙස තැපැල් සේවාවක් ලබා දීම සඳහා අවශ්‍ය වන සේවක සංඛ්‍යාව
|
සේවා මට්ටම |
අනුමත සංඛ්‍යාව |
|
ජ්‍යෙෂ්ඨ මට්ටම |
121 |
|
තෘතීයික මට්ටම |
147 |
|
ද්විතීයික මට්ටම |
8856 |
|
ප්‍රාථමික මට්ටම |
12870 |
|
එකතුව |
21994 |
|
(ලියා පදිංචි ආදේශක) |
4788 |
|
මුළු එකතුව |
26782 |
(iii) ඇමුණුමෙහි සඳහන් කර ඇත. ඇමුණුම සභාගත* කරමි.
(ආ) (i) තැපැල් තේරීමේ අංශවල කටයුතු පිළිබඳව මේ දක්වා වැඩ අධ්‍යයනයක් සිදු කර නොමැති අතර, එම අංශයන්හි රාජකාරි කාර්යක්ෂමව ඉටු කිරීම සඳහා දැනට නිසි පියවර ගෙන නොමැත.
ලිපි තේරීමේ කටයුතු යාන්ත්‍රිකරණය කිරීමක් සිදු කරන්නේ නම් ඒ පිළිබඳව නිසි අධ්‍යයනයකින් පසුව සිදු කළ යුතු වන අතර, ඒ සඳහා විශාල පිරිවැයක් ද දැරීමට සිදු වනු ඇත. තවද මෙහිදී ඒ සඳහා යොදවා ඇති කාර්ය මණ්ඩලය පිළිබඳව ද දැඩි අවධානය යොමු කළ යුතු වේ.
දැනට මුදල් අමාත්‍යාංශයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව, තැපැල් දෙපාර්තමේන්තුව හා වෘත්තීය සමිති සහභාගිත්වයෙන් වැඩ අධ්‍යයනයක් සිදු කරමින් පවතින අතර, ඉන් අනතුරුව වඩා කාර්යක්ෂමව එම කටයුතු ඉටු කිරීම අපේක්ෂා කෙරේ.
(ii) 2010 වර්ෂයේ අලාභය (ආදායම් වියදම් පරතරය) - රු: 2,522,324,211.00
2011 වර්ෂයේ අලාභය (ආදායම් වියදම් පරතරය) - රු: 3,047,225,842.00
(ඇ) අදාළ නැත.
*සභාමේසය මත තබන ලද ඇමුණුම:
சபாபீடத்தில் வைக்கப்பட்ட இணைப்பு :
Annex tabled:
පිළිතුරු දුන් දිනය
2012-11-29
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගරු ජීවන් කුමාරණතුංග මහතා. පා.ම., මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks