04

සි   |     |  

 Date: 2012-11-29   Answered 

2316/2012: POSTAL DEPARTMENT : NUMBER OF WORKERS

2316/’12

Hon. Ravi Karunanayake,— To ask the Minister of Postal Services,—

(a) Will he state—

(i) the number of workers in the Postal Department ;

(ii) the number of required members of staff to provide good postal services; and

(iii) required number of staff  of the Postal Department per district, separately ?

(b) Will he also state—

(i) whether the postal service can be automated in order to be made the mail sorting  quicker ; and

(ii) the loss to the government owing to the fact that the revenue was less than the actual cost of the Postal Department for the last 2 years separately?

(c) If not, why?

 

Asked Date

2012-11-29

Asked by

Hon. Ravi Karunanayake, M.P.

Ministry

Postal Services

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

ගරු ජීවන් කුමාරණතුංග මහතා (තැපැල් සේවා අමාත්‍යතුමා)

(மாண்புமிகு ஜீவன் குமாரணதுங்க - தபால் சேவைகள் அமைச்சர்)

(The Hon. Jeewan Kumaranatunga - Minister of Postal Services)

ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.

(අ)          (i)      තැපැල් දෙපාර්තමේන්තුවේ සේවක සංඛ්‍යාව - 2012.09.30 දිනට

සේවා මට්ටම

අනුමත සංඛ්‍යාව

දැනට සිටින සේවක සංඛ්‍යාව

පුරප්පාඩු සංඛ්‍යාව

ජ්‍යෙෂ්ඨ මට්ටම

121

84

37

තෘතීයික මට්ටම

147

75

72

ද්විතීයික මට්ටම

8,856

6,780

2,076

ප්‍රාථමික මට්ටම

12,870

11,978

892

එකතුව

21,994

18,917

3,077

(ලියා පදිංචි ආදේශක - දෛනික වැටුප් ‍සේවය කළ දිනට ගෙවීමේ පදනම මත)

4,788

4,788

0

මුළු එකතුව

26,782

23,705

3,077

(ii) මනා ලෙස තැපැල් සේවාවක් ලබා දීම සඳහා අවශ්‍ය වන සේවක සංඛ්‍යාව

සේවා මට්ටම

අනුමත සංඛ්‍යාව

ජ්‍යෙෂ්ඨ මට්ටම

121

තෘතීයික මට්ටම

147

ද්විතීයික මට්ටම

8856

ප්‍රාථමික මට්ටම

12870

එකතුව

21994

(ලියා පදිංචි ආදේශක)

4788

මුළු එකතුව

26782

(iii) ඇමුණුමෙහි සඳහන් කර ඇත.  ඇමුණුම සභාගත* කරමි.

(ආ)         (i)      තැපැල් තේරීමේ අංශවල කටයුතු පිළිබඳව මේ දක්වා වැඩ අධ්‍යයනයක් සිදු කර නොමැති අතර, එම අංශයන්හි රාජකාරි  කාර්යක්ෂමව ඉටු කිරීම සඳහා දැනට නිසි පියවර ගෙන නොමැත.

                ලිපි තේරීමේ කටයුතු යාන්ත්‍රිකරණය කිරීමක් සිදු කරන්නේ නම් ඒ පිළිබඳව නිසි අධ්‍යයනයකින් පසුව සිදු කළ යුතු වන අතර, ඒ සඳහා විශාල පිරිවැයක් ද දැරීමට සිදු වනු  ඇත.  තවද මෙහිදී ඒ සඳහා යොදවා ඇති කාර්ය මණ්ඩලය පිළිබඳව ද දැඩි අවධානය යොමු කළ යුතු වේ.

දැනට මුදල් අමාත්‍යාංශයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව, තැපැල් දෙපාර්තමේන්තුව හා වෘත්තීය සමිති සහභාගිත්වයෙන් වැඩ අධ්‍යයනයක් සිදු කරමින් පවතින අතර, ඉන් අනතුරුව වඩා කාර්යක්ෂමව එම කටයුතු ඉටු කිරීම අපේක්ෂා කෙරේ.

(ii) 2010  වර්ෂයේ අලාභය (ආදායම් වියදම් පරතරය) -  රු: 2,522,324,211.00

2011 වර්ෂයේ අලාභය (ආදායම් වියදම් පරතරය)  -  රු: 3,047,225,842.00

(ඇ) අදාළ නැත.

 

*සභාමේසය මත තබන ලද ඇමුණුම:

   சபாபீடத்தில் வைக்கப்பட்ட இணைப்பு :

   Annex tabled:

Answered Date

2012-11-29

Answered by

Hon. JEEWAN KUMARANATUNGA, M.P.,, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks