01

E   |     |  

 දිනය: 2023-08-24   පිළිතුර ලබා දී ඇත 

2881/2023: Details of rooftop solar panel consumer contribution for the National Grid from 2018

2881/2023

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      මේ වනවිට ශ්‍රී ලංකාවේ ඇති පියැසි සූර්ය පැනල සංඛ්‍යාව කොපමණද;

             (ii)      වර්ෂ 2018 සිට අද දක්වා එම පැනල මඟින් ජාතික විදුලිබල පද්ධතියට දක්වන ලද දායකත්වය කොපමණද;

(iii) මේ වනවිට ලංකා විදුලිබල මණ්ඩලය විසින් එම සූර්ය පැනල හිමිකරුවන් වෙත ගෙවීමට ඇති මුදල කොපමණද;

(iv) එම මුදල කඩිනමින් ගෙවීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

(v) පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වැඩි දියුණු කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-08-24

අසන ලද්දේ

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks