01

E   |     |  

 දිනය: 2023-07-18   පිළිතුර ලබා දී ඇත 

2880/2023: බිත්තර නිෂ්පාදනය සහ ආනයනය: විස්තර

2880/2023

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      වර්ෂ 2010 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ බිත්තර නිෂ්පාදනය එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

             (ii)      එම කාලය තුළ ආනයනය කරන ලද බිත්තර ප්‍රමාණය එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) ශ්‍රී ලංකාවේ බිත්තර නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා සහ බිත්තර මිල සාධාරණ මට්ටමක පවත්වා ගැනීම සඳහා ගනු ලබන පියවර වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-07-18

අසන ලද්දේ

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      වර්ෂ 2010 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ බිත්තර නිෂ්පාදනය

 

වර්ෂය

බිත්තර නිෂ්පාදනය (මිලියන)

2010

1,384.80

2011

1,711.22

2012

2,278.72

2013

2,074.94

2014

2,232.02

2015

2,294.08

2016

2,304.06

2017

2,856.09

2018

2,852.86

2019

2,630.74

2020

2,435.96

2021

2,934.55

2022

2,089.70

2023

(ජුනි මාසය දක්වා)

1,028.86

 (ii) වර්ෂ 2010 සිට මේ දක්වා ආනයනය කරන ලද බිත්තර ප්‍රමාණය

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

(iii) බිත්තර මිල පාලනය කිරීම සඳහා ගත හැකි සුදුසුම පියවර වනුයේ රටට අවශ්‍ය බිත්තර ප්‍රමාණය දේශීයව නිෂ්පාදනය කිරීමයි. එසේ වුවද කෙටි කාලයක් තුළ රටට අවශ්‍ය බිත්තර ප්‍රමාණය දේශීයව නිෂ්පාදනය කිරීම සඳහා ගත හැකි ක්ෂණික ක්‍රියා මාර්ගයක් නොමැත. එබැවින් මව් සතුන් ආනයනය කිරීම හා සංසේචිත බිත්තර - commercial hatchable eggs - ආනයනය කිරීම මඟින් 2024 වර්ෂය ආරම්භ වන විට දේශීය නිෂ්පාදනය යථාවත් කිරීම සඳහා සහ එතෙක් බිත්තර මිල සාධාරණ මට්ටමක පවත්වා ගැනීම සඳහා ගෙන ඇති පියවර පහත පරිදි වේ.

1. 2023 වර්ෂය සඳහා මව් සතුන් 95,000ක් ආනයනය කිරීමට සැලසුම් කර ඇත. මේ වනවිට මව් සතුන් 55,000ක් ආනයනය කර ඇත. ඒ අනුව 2023 වර්ෂයේ අවසන් කාර්තුව වනවිට ප්‍රශස්ත වාණිජ කිකිළි පැටවුන් - commercial chicks - නිෂ්පාදනයක් ළඟා කර ගැනීමට හැකි වනු ඇත.

2.  බිත්තර දමන කිකිළි පැටවුන් - layer chicks - නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය සංසේචිත බිත්තර - commercial hatchable eggs - ආනයනය කිරීමට අවශ්‍ය නිර්දේශ ලබා දීම සිදු කෙරේ. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ ගොවිපළ සඳහා සංසේචිත බිත්තර 144,000ක් ද, ප්‍රීමා ආයතනය සතු ගොවිපළ සඳහා සංසේචිත බිත්තර 50,000ක් ද ආනයනය කිරීමට අවශ්‍ය නිර්දේශ ලබා දී ඇත. මේ වනවිට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් සංසේචිත බිත්තර 72,000ක් ආනයනය කර ඇත.

3. කෙටි කාලීන විසඳුමක් ලෙස, බිත්තර බහුලව භාවිත වන බේකරි කර්මාන්ත සඳහා පමණක් ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව මඟින් බිත්තර ආනයනය කිරීම සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මඟින් අවශ්‍ය නිර්දේශ ලබා දීම, අදාළ නිරෝධායන කටයුතු සහ පහසුකරණය සිදු කෙරේ.

4. මේ වනවිට වැසී ගොස් ඇති බිත්තර නිෂ්පාදනය කළ ගොවිපළ නැවත ආරම්භ කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහය ලබා දීමට සහ දිනක් වයසැති කිකිළි පැටවුන් මිල දී ගැනීම පහසුකරණය සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය, සත්ව ‍නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු මඟින් ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් පවතී.

5. කුකුළු ආහාර නිෂ්පාදනයේ දී ප්‍රධාන සංඝටකයක් ලෙස බඩ ඉරිඟු භාවිත කරන අතර, බඩ ඉරිඟු වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා පහත පියවර ගෙන ඇත.

• 2022/2023 වර්ෂය සඳහා බඩ ඉරිඟු අක්කර 28,000ක් වගා කිරීමට අවශ්‍ය බඩ ඉරිඟු බීජ මෙට්‍රික් ටොන් 144ක් ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියේ - JICA - ව්‍යාපෘතිය යටතේ  මිල දී ගෙන, ගොවීන් අතර නොමිලේ බෙදා දී ඇත.

• කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩසටහන - SAPP - යටතේ 2023 මහ කන්නයේ දී හෙක්ටෙයාර 16,000ක් වගා කිරීම සඳහා අවශ්‍ය බඩ ඉරිඟු බීජ, පොහොර සහ බිම් ‍ සකස් කිරීමට අවශ්‍ය සහය ලබා දීම සඳහා කටයුතු කරමින් පවතී. මේ වනවිට ප්‍රතිලාභීන් ‍තෝරා ගැනීමේ කටයුතු සිදු කරමින් පවතී.

6. මේ වනවිට දේශීය බඩ ඉරිඟු නිෂ්පාදිතයෙන් සියයට 95ක් පමණ ගොවීන්ගෙන් මිල දී ගෙන සත්ව ආහාර නිෂ්පාදනය සඳහා යොදාගෙන ඇත. සත්ව ආහාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය සම්පූර්ණ බඩ ඉරිඟු ප්‍රමාණය දේශීය නිෂ්පාදනය මඟින් පමණක් සපුරා ගත හැකි නොවේ. එබැවින්, මෙම හිඟය සපුරාලීම සඳහා 2023 ජුනි මස සිට ඉදිරි මාස 06ක කාලයක් සඳහා බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 250,000ක් ආනයනය කිරීමට අනුමැතිය ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී.

7. කුකුළු ආහාර නිෂ්පාදනයේ දී අත්‍යවශ්‍ය වන අමු ද්‍රව්‍ය හා කර්මාන්තයේ දියුණුවට අවශ්‍ය උපකරණ හා අමතර කොටස් ආනයනයේ දී අවශ්‍ය බදු සහන ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් අවශ්‍ය නිර්දේශ ලබා දීම සිදු කෙරේ.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2023-07-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඩී. බී. හේරත් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks