පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2846/2023
ගරු යූ. කේ. සුමිත් උඩුකුඹුර මහතා,— ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) නව වාහනයක් පළමු ලියාපදිංචි කිරීම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයෙන් පමණක් සිදු කරන්නේද;
(ii) නොඑසේනම්, පළමු ලියාපදිංචි කිරීම සිදු කළ හැකි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) වාර්ෂිකව හිමිකම් පැවරීම සිදු කරනු ලබන වාහන සංඛ්‍යාව කොපමණද;
(ii) වාහන හිමිකම් පැවරීමේ එක්දින සේවය සහ සාමාන්‍ය සේවය සඳහා අය කරන ගාස්තුව එක් එක් වාහන පංතිය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-09-20
අසන ලද්දේ
ගරු යූ. කේ. සුමිත් උඩුකුඹුර මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන හා මහාමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:
* Answer tabled:
(අ) (i) ඔව්.
(ii) පැන නොනඟී.
(ආ) (i) පසුගිය වසර පහක කාලය සැලකීමේදී ආසන්න වශයෙන් වසරකදී වාහන හයලක්ෂ තිස්දහසක (630,000) පමණ හිමිකම් පැවරීම සිදු කර ඇත.
(ii)
|
|
වාහන පන්තිය |
සාමාන්‍ය සේවා ගාස්තුව (රු.) |
එක්දින සේවා ගාස්තුව (රු.) |
|
01 |
මෝටර් රථය |
5,000 |
7,500 |
|
02 |
ද්විත්ව කාර්ය වාහනය |
5,000 |
7,500 |
|
03 |
ඉඩම් වාහනය |
2,400 |
4,000 |
|
04 |
අත් ට්‍රැක්ටරය |
1,000 |
2,300 |
|
05 |
විශේෂ කාර්ය වාහනය |
5,000 |
7,500 |
|
06 |
සැහැල්ලු මෝටර් සයිකලය |
1,000 |
2,300 |
|
07 |
මෝටර් සයිකලය |
1,000 |
2,300 |
|
08 |
මෝටර් ට්‍රයිසිකලය |
1,000 |
2,300 |
|
09 |
මෝටර් ට්‍රයිසිකල් වෑන් රථය |
1,000 |
2,300 |
|
10 |
කොඩ්‍රිසයිකලය |
3,000 |
6,000 |
|
11 |
මෝටර් නිවස |
5,000 |
7,500 |
|
12 |
සැහැල්ලු මෝටර් ලොරිය |
5,000 |
7,500 |
|
13 |
මෝටර් ලොරිය |
5,000 |
7,500 |
|
14 |
ප්‍රයිම් මූවර් (මෝටර් ලොරිය / බර මෝටර් ලොරිය) |
5,000 |
7,500 |
|
15 |
සැහැල්ලු මෝටර් කෝච් රථය |
5,000 |
7,500 |
|
16 |
මෝටර් කෝච් රථය |
5,000 |
7,500 |
|
17 |
ආබාධ සහිත තැනැත්තන් විසින් භාවිත කරනු ලබන වාහනය |
1,000 |
2,300 |
|
18 |
මෝටර් ගිලන් රථය |
2,000 |
3,600 |
|
19 |
මෝටර් අවමංගල්‍ය රථය |
2,000 |
3,600 |
|
20 |
බර ට්‍රේලරය |
4,000 |
6,200 |
|
21 |
සැහැල්ලු ට්‍රේලරය |
2,000 |
3,600 |
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-09-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks